Latest News

ලොවක් වසඟ කළ ගීතයක හිමිකරු වූ බ්‍රැඩ් ආර්නෝල්ඩ් සමුගනී

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ වූ සුප්‍රකට 3 Doors Down රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක බ්‍රැඩ් ආර්නෝල්ඩ් (Brad Arnold) අභාවප්‍රාප්ත වී තිබේ.

සිව්වන අදියරේ වකුගඩු පිළිකාවක් (Stage 4 Kidney Cancer) හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, පසුගිය සෙනසුරාදා සිය පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන සාමකාමීව මෙලොවින් සමුගත් බව සංගීත කණ්ඩායම නිවේදනය කළේය.

1995 වසරේදී මිසිසිපි ප්‍රාන්තයේදී ආරම්භ වූ මෙම කණ්ඩායම ලොව පුරා ජනප්‍රිය වූයේ ඔවුන්ගේ ප්‍රථම දැවැන්ත සාර්ථකත්වය වූ “Kryptonite” ගීතය හරහාය.

ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය වන “The Better Life” පිටපත් මිලියන 6කට වඩා අලෙවි විය.

2003 වසරේදී “When I’m Gone” ගීතය සඳහා ඔවුන් දෙවන වරටත් ග්‍රැමී සම්මානයට නිර්දේශ විය.

“Loser,” “Duck and Run” සහ “Be Like That” වැනි ගීත හරහා ඔහු ලොව පුරා රසික හදවත් දිනාගත්තේය.

2017 වසරේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම පදවි ප්‍රාප්ති උළෙලේදී (Inauguration Concert) ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ද බ්‍රැඩ් ඇතුළු කණ්ඩායම එක් විය.

World News

Send your contact Details Today