Latest News

ඉස්ලාමාබාද් මුස්ලිම් පල්ලියට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ‘මහ මොළකරු’ අත්අඩංගුවට

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

පසුගිය සිකුරාදා සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූහ.

පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි (Mohsin Naqvi) සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ඇෆ්ගන් ජාතිකයෙකු ද සිටින බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුම්වලින් එක් ත්‍රස්ත මර්දන නිලධාරියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ඉස්ලාමාබාද් අගනුවර තර්ලායි (Tarlai) ප්‍රදේශයේ පිහිටි පල්ලියක සිකුරාදා යාඥාව සඳහා බැතිමතුන් රැස්ව සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල විය.

අයි.එස් (IS) සංවිධානය මෙහි වගකීම භාරගෙන ඇති අතර, මෙය පසුගිය දශකයකට වැඩි කාලයක් තුළ අගනුවර සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 160කට අධිකය.

අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිවේදනය කරමින් අමාත්‍ය නක්වි චෝදනා කළේ ඉන්දියාව මෙම ප්‍රහාරයට අරමුදල් සපයන බවයි.

කෙසේ වෙතත් ඉන්දියාව එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ඒවා පදනම් විරහිත බවයි.

World News

Send your contact Details Today