Latest News

ජපාන මහ මැතිවරණය අද

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා වන මහ මැතිවරණය අද (08) දිනයේ ඉතා උණුසුම් මුහුණුවරකින් ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම මැතිවරණයේ වැඩි වාසිය හිමිව ඇත්තේ ජපානයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූ සනේ ටකයිචි (Sanae Takaichi) වෙතය.

පසුගිය මහ මැතිවරණයේදී හිටපු අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) දැඩි පසුබෑමකට ලක්විය.

එහෙත්, ඉන් අනතුරුව බලයට පත් සනේ ටකයිචි කෙටි කලක් තුළ පෙන්වූ සුවිශේෂී දේශපාලන පරිණතභාවය සහ ඇයගේ කාර්යශූර වැඩපිළිවෙළ හේතුවෙන් පක්ෂයේ ජනප්‍රියතාව යළි ඉහළ නැංවීමට ඇය සමත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ටකයිචි මහත්මියගේ නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇය ඉතා කෙටි කාලයක් තුළ ජනතා ගෞරවය දිනාගත් “ශක්තිමත්, බලසම්පන්න සහ ප්‍රඥාවන්ත” නායිකාවක් බවයි.

අද පැවැත්වෙන මෙම මැතිවරණයේ ප්‍රතිඵල හෙට (09) දිනය වන විට නිකුත් වීමට නියමිත අතර, බොහෝ දෙනාගේ අනාවැකිය වී ඇත්තේ ටකයිචි මහත්මිය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බවයි.

World News

Send your contact Details Today