Latest News

ලේනොඩෝගෙන් බැට කෑ ස්පාඤ්ඤය සහ පෘතුගාලයට, මාර්තා පහර දෙයි

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤය සහ පෘතුගාලය ඇතුළත් අයිබීරියානු අර්ධද්වීපයට බලපා ඇති අඛණ්ඩ දැඩි වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසකට සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුව තිබේ.

පෘතුගාලයේ දකුණුදිග ඇලෙන්ටෙජෝ (Alentejo) ප්‍රදේශයේදී පසුගිය බදාදා තම මෝටර් රථය ගංවතුරට හසුව ගසාගෙන යාමෙන් 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර ස්පාඤ්ඤයේ මලගා (Malaga) ප්‍රදේශයේදී ගඟකට හසුව ගසාගෙන ගිය කාන්තාවකගේ බවට සැකකෙරෙන මළ සිරුරක් ද සොයාගත් බව පොලිසිය සිකුරාදා තහවුරු කළේය.

ඇය තම සුරතල් සුනඛයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්ව තිබේ.

පසුගිය අඟහරුවාදා ‘ලියනාඩෝ’ (Leonardo) කුණාටුවෙන් බැටකෑ මෙම කලාපයට දැන් ‘මාර්තා’ (Marta) නම් තවත් කුණාටුවක් ඇතුළු වෙමින් පවතින බව ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) අනතුරු අඟවයි.

අන්දලූසියා ප්‍රාන්ත නායක ජුවාන් මැනුවෙල් මොරේනෝ පවසන්නේ සෙනසුරාදා දින තවදුරටත් මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

“සාමාන්‍ය තත්ත්වයකදී මෙය සුළු වර්ෂාපතනයක් වුවත්, දැනටමත් පස ජලයෙන් සංතෘප්ත වී ගංගා සහ ජලාශ පිටාර ගලමින් පවතින නිසා මෙය විශාල බලපෑමක් ඇති කළ හැකියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ස්පාඤ්ඤයේ මෙම කඳුකර ගම්මානයේ පවතින පාෂාණ ස්ථර අධික ලෙස ජලය අවශෝෂණය කර දියවීමට පටන් ගැනීම නිසා පවතින කඩා වැටීමේ අවදානම හමුවේ වැසියන් 1,500ක් ඉවත් කර ඇත.

ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කොර්ඩෝබා ප්‍රදේශයේ වැසියන් රාත්‍රී කාලයේදීම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එරට නගර සභා 69ක ‘ව්‍යසන තත්ත්වය’ පෙබරවාරි මැද දක්වා දීර්ඝ කර ඇති අතර ප්‍රධාන ගංගා 6ක් පිටාර ගැලීමේ දැඩි අවදානමක පවතී.

World News

Send your contact Details Today