Latest News

චීනය රහසිගත න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ බවට අමෙරිකාවෙන් චෝදනාවක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් 2020 වසරේදී ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කරමින් රහසිගත න්‍යෂ්ටික අත්හදා බැලීම් මාලාවක් සිදුකර ඇති බවට අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතන පවසන්නේ එවැනි අත්හදා බැලීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ අවිහරණ සමුළුවේදී අදහස් දක්වමින් අමෙරිකානු අවි පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය උප ලේකම් තෝමස් ඩිනැන්නෝ (Thomas DiNanno) මෙම අනාවරණය සිදු කළේය.

චීන හමුදාව 2020 ජූනි 22 වනදා මෙවැනි පිපිරවීමක් සිදු කළ බවත්, එය වසන් කිරීමට ඔවුන් උත්සාහ කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

රුසියාව සමඟ පැවැති ‘New START’ න්‍යෂ්ටික ගිවිසුම පසුගියදා අවසන් වීමත් සමඟ, න්‍යෂ්ටික අවි පාලනය සඳහා නව ජාත්‍යන්තර ව්‍යුහයක අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළේය.

අමෙරිකාවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් රොබට් ෆ්ලොයිඩ් (Robert Floyd) විශේෂ ප්‍රකාශයක් කළේය.

ඔහු සඳහන් කළේ සිය සංවිධානයේ නිරීක්ෂණ පද්ධති හරහා අදාළ කාල සීමාව තුළ න්‍යෂ්ටික පිපිරවීමක ලක්ෂණ සහිත කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

චීන තානාපති ෂෙන් ජියෑන් (Shen Jian) මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

අමෙරිකාව දිගින් දිගටම චීනයේ ආරක්ෂක ශක්තිය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, ජාත්‍යන්තර ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය අමෙරිකාවේ ක්‍රියාකලාපය බවත් ඔහු පැවසීය. චීනය සැමවිටම න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ පොරොන්දුවලට ගරු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රුසියාව සහ චීනයට සමගාමීව අමෙරිකාව ද යළිත් න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමට සූදානම් බවයි.

ලොව ප්‍රබල රටවල් අතර පවතින මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නව අර්බුදයක් නිර්මාණය වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

World News

Send your contact Details Today