Latest News

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවලට අමතර බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය සමඟ දිගින් දිගටම වෙළඳ සබඳතා පවත්වන රටවලින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අමතර තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. මේ සඳහා වන විශේෂ විධායක නියෝගයකට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තැබීය.

මෙම නව නියෝගයට අනුව ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ ලබාගන්නා ඕනෑම රටකින් අමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා මෙම බද්ද අදාළ වේ.

මෙහිදී අදාළ කර ගන්නා නිශ්චිත බදු ප්‍රතිශතයක් දක්වා නොමැති වුවද, නිදසුනක් ලෙස 25% ක බදු ප්‍රතිශතයක් පැනවිය හැකි බව නියෝගයේ සඳහන් කර ඇත.

ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම රටක් අමෙරිකාව සමඟ කරන සියලුම ව්‍යාපාරික කටයුතුවලදී 25% ක බද්දක් ගෙවිය යුතු බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය ජනවාරි 12 වනදා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ද අවධාරණය කර තිබුණි.

ඉරානය සම්බන්ධයෙන් පවතින “අඛණ්ඩ ජාතික හදිසි තත්ත්වය” මෙම විධායක නියෝගය මගින් යළි තහවුරු කරන බව ධවල මන්දිරය නිවේදනය කළේය.

ඒ අනුව ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීමට දරන උත්සාහය, ත්‍රස්තවාදයට සහය දීම, බැලස්ටික් මිසයිල සංවර්ධනය, කලාපීය අස්ථාවරත්වය ඇති කිරීම යන කරුණු හරහා අමෙරිකාවේ සහ එහි මිත්‍ර රටවල ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බැවින් ඉරානය වගකිව යුතු පාර්ශවයක් බවට පත් කිරීම මෙම පියවරේ අරමුණ බව ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරයි.

සිකුරාදා රාත්‍රියේ ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) යානයේ සිට අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, ඉරානයට න්‍යෂ්ටික අවි සන්තක කර ගැනීමට ඉඩ නොදෙන බව යළිත් අවධාරණය කළේය.

මෙම තීරණය ප්‍රකාශයට පත් වන්නේ අමෙරිකානු සහ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඕමානයේදී සාකච්ඡා පැවැත්වෙන පසුබිමක වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මෙම නව විධායක නියෝගය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

World News

Send your contact Details Today