පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 10 වන දිගහැරුම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් අද (07) නිල වශයෙන් ආරම්භ වේ.
මාසයකට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය සඳහා ලොව ප්‍රබල කණ්ඩායම් 20ක් කාණ්ඩ 04ක් යටතේ තරග වැදීමට නියමිතය.
සමස්ත තරගාවලිය තරග 55කින් සමන්විත වන අතර ඉන් තරග 20ක් ශ්‍රී ලංකාවේදීත්, සෙසු තරග 35 ඉන්දියාවේදීත් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ තරග පැවැත්වීම සඳහා තෝරාගෙන ඇති ක්‍රීඩාංගණ වන්නේ:
කොළඹ SSC ක්‍රීඩාංගණය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇතත්, යම් හෙයකින් පාකිස්ථාන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.
එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.
තරගාවලියේ සමාරම්භක තරගය ලෙස පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගය අද පෙරවරු 11.00ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
මීට අමතරව අද දිනයේ තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය අතර තරගය (කොල්කටාහිදී) සහ ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගය (මුම්බායිහිදී)
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට (08) අයර්ලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
වැදගත් දිනයන්
සුපිරි 08 වටය: පෙබරවාරි 22 වනදා ආරම්භ වේ.
පළමු අවසන් පූර්ව තරගය: මාර්තු 04 වනදා.
දෙවන අවසන් පූර්ව තරගය: මාර්තු 05 වනදා.
අවසන් මහා තරගය: මාර්තු 08 වන ඉරිදා.