Latest News

ග්‍රීන්ලන්තය ගැන ට්‍රම්ප්ගේ ‘හිමිකම් පෑමට’ කැනඩාවෙන් පිළිතුරු

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය (Greenland) තම පාලනයට නතු කරගැනීමට උත්සාහ කරන බවට එල්ල වන තර්ජන හමුවේ, ග්‍රීන්ලන්ත වැසියන්ට සහය පළ කරමින් කැනඩාව එරට සිය ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික කොන්සල් කාර්යාලය විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

කැනේඩියානු අග්‍රාණ්ඩුකාර මේරි සයිමන් (Mary Simon) සහ විදේශ අමාත්‍ය ඇනිටා ආනන්ඩ් (Anita Anand) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් මේ සඳහා අද (සිකුරාදා) ග්‍රීන්ලන්තයේ නූක් (Nuuk) අගනුවර වෙත ළඟා වීමට නියමිතය.

මෙම සංචාරය සඳහා කැනේඩියානු වෙරළාරක්ෂක නෞකාවක සහයද ලබාගෙන ඇති අතර, මෙය දශක හතරකට පසු කැනේඩියානු අග්‍රාණ්ඩුකාරවරයෙකු ග්‍රීන්ලන්තයේ සිදු කරන පළමු සංචාරයයි.

සංචාරයට පෙර අදහස් දක්වමින් අග්‍රාණ්ඩුකාර මේරි සයිමන් අවධාරණය කළේ, ග්‍රීන්ලන්ත වැසියන්ගේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඔවුන්ටම බවත්, කැනඩාව ඒ සඳහා ස්ථිරවම පෙනී සිටින බවත්ය.

කැනඩාවට අමතරව ප්‍රංශය ද අද දිනයේම සිය කොන්සල් කාර්යාලයක් එහි විවෘත කිරීමට නියමිත අතර, මෙය නේටෝ (NATO) මිත්‍ර රටවල් ග්‍රීන්ලන්තය වෙනුවෙන් පෙනී සිටින බවට ලබා දෙන ප්‍රබල පණිවිඩයකි.

ජාතික ආරක්ෂක හේතු මත ඇමරිකාව ග්‍රීන්ලන්තයේ හිමිකාරිත්වය ලබා ගත යුතු බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙර කිහිප වරක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පසුව ඔහු ප්‍රකාශ කළේ ඩෙන්මාර්කය සහ කැනඩාව වැනි මිත්‍ර රටවල් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට උත්සාහ කරන බවයි.

මෙම කොන්සල් කාර්යාලය විවෘත කිරීම මගින් කැනඩාවේ ආක්ටික් කලාපය සහ ග්‍රීන්ලන්තය අතර පවතින සංස්කෘතික හා ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

විශේෂයෙන්ම කැනඩාවේ වෙසෙන ‘ඉනූට්’ (Inuit) ප්‍රජාව සහ ග්‍රීන්ලන්තයේ වැසියන් අතර පවතින ඓතිහාසික සහෝදරත්වය මෙහිදී වඩාත් කැපී පෙනෙයි.

කැනේඩියානු ඉනූට් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන පවසන්නේ, ඇමරිකාව ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට උත්සාහ කිරීම තමන්ටද තර්ජනයක් බවයි.

අමෙරිකාව කැනඩාව ද තමන්ගේ 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට යම් දිනෙක උත්සාහ කරනු ඇතැයි යන බියක් තම ප්‍රජාව තුළ පවතින බව ඔවුහු පෙන්වා දෙති.

දැනට ග්‍රීන්ලන්තයේ කොන්සල් කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ අයිස්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය පමණි.

World News

Send your contact Details Today