Latest News

ඉන්දු – පකිස්ථාන තරගය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පකිස්ථානයට හදිසි ලිපියක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පකිස්ථාන තීරණාත්මක තරගයට පකිස්ථානය සහභාගී නොවන බවට පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සිය දැඩි අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය දිනාගත් මෙම තරගය එළඹෙන පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව සියලු ආරක්ෂක සහ මෙහෙයුම් කටයුතු අවසන් කර ඇති බවත් මෙම තරගය සඳහා පවතින දැඩි ඉල්ලුම මත සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය පවසයි.

පකිස්ථානය මෙම තරගයට සහභාගී නොවන බවට පළවන වාර්තා හේතුවෙන් මේ වන විටත් කොළඹ ප්‍රදේශයේ හෝටල් වෙන්කිරීම් (Hotel Bookings) රැසක් අවලංගු වී තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

පකිස්ථානයට එරෙහිව එල්ල වූ ආරක්ෂක තර්ජන හමුවේ අනෙකුත් රටවල් පකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවලදී පවා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ගොස් සහයෝගය දැක්වූ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී සිහිපත් කර තිබේ.

එදා ශ්‍රී ලංකාව දැක්වූ එම ක්‍රීඩාශීලී සහයෝගය දැන් පකිස්ථානයෙන් ද අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සමස්ත ක්‍රිකට් ප්‍රජාවගේ සහ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ යහපත උදෙසා, මෙම තරගය වර්ජනය කිරීමේ හෝ මගහැරීමේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පකිස්ථානයෙන් ඉල්ලා සිටී.

World News

Send your contact Details Today