Latest News

මාලිංගත් T20 පිටියට බසියි

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සහ උපායමාර්ග සංවර්ධන උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව මාලිංග එළඹෙන 05 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද (03) සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

තෝරාගත් ස්ථානවල පිහිටා ඇති ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව අද (03) සිට විවෘත කෙරෙයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අවස්ථාවේ පමණක් ඔරුගොඩවත්ත ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කෙරෙන බවයි සඳහන් කරන්නේ.

ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ඇති ප්‍රවේශ පත්‍ර කවුළු ද තරග නොපැවැත්වෙන දිනවලදී පමණක් විවෘත කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නුවර – අභීත ක්‍රිඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙන දිනයේදී පමණක් ටිකට් පත්‍ර අලෙවි කිරීමට නියමිතයි.

ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වා මිල ගණන් නියම කර ඇති අතර ඒවා පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ලබා ගත හැකියි.

ශ්‍රී ලංකාව සහභාගී වන තරග සඳහා එක් පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශ පත්‍ර හතරක් පමණක් මිලදී ගත හැකියි.

ශ්‍රී ලංකාව සහභාගී නොවන තරග සඳහා එක් අයෙකුට උපරිම ප්‍රවේශ පත්‍ර 10ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today