Latest News

🏏 SL vs ENG T20: සිංහයන්ගේ ගෞරවය බේරා ගැනීමට අද අවස්ථාවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට අහිමි වී යන බවට තොරතුරු වාර්තා වේ.

දෙරට අතර පෙරේදා (01) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්ව ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

මේ අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඊයේ (02) ප්‍රකාශයට පත් කළේය.

එම සංචිතයට ආබාධයකට ලක්ව සිටින එෂාන් මාලිංග නම්කර තිබේ.

World News

Send your contact Details Today