තුන්දින සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව අද (26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
INS මුම්බායි යුද නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බවයි මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීම ද, එම සංචාරයේ එක් අරමුණක්.
INS මුම්බායි නෞකාව, මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
එය මෙම වසරේ දිවයිනට පැමිණෙන අටවැනි ඉන්දීය නෞකාව බව ද, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
INS මුම්බායි ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.