අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා.
ඒ රියදුරුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන්.
පසුව මගීන් විසින් කඩිනමින් රියදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් රියදුරු මියගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ.
ඊයේ (23) රාත්‍රි 7.00 ට පමණ අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා එම බස් රථය පිටත්වී තිබෙනවා.
රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබුණා.
ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර තිබෙනවා.
කෙසේ වෙතත් වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථයේ රියදුරා නැවත අසනීප වී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මඟීන් 40ක් පමණ සිටි ඇති වුවත්, එක් මගියෙක් පමණක් සුළු තුවාල ලබා තිබෙනවා.
මියගොස් ඇති බස් රථ රියදුරා 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙක්.
PHOTO COURTESY: Accident First