Latest News

Facebook හරහා Link Share කිරීමට සීමා – මුදල් ගෙවීමටත් සිදුවන ලකුණු

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Facebook පරිශීලකයින්ට තම පෝස්ට් හරහා බෙදාගත හැකි ලින්ක් (Links) ප්‍රමාණය සීමා කිරීමට සහ වැඩිපුර ලින්ක් බෙදාගැනීම සඳහා මාසික ගාස්තුවක් අය කිරීමට Meta සමාගම සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව Facebook හරහා මසකට ලින්ක් 2 කට වඩා බෙදාගැනීමට අවශ්‍ය නම්, මසකට ස්ටර්ලින් පවුම් 9.99 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 4,142ක් පමණ) දායකත්ව ගාස්තුවක් ගෙවීමට සිදුවන බව දැනුම් දී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

මෙම පරීක්ෂණය දැනට එක්සත් රාජධානියේ (UK) සහ අමෙරිකා එක්සත් ජනපදයේ (US) සිටින තෝරාගත් පරිශීලකයින් පිරිසක් සඳහා ක්‍රියාත්මක බව සඳහන්.

මෙය ප්‍රධාන වශයෙන් Facebook හි ‘Professional Mode’ හෝ ‘Pages’ භාවිතා කරන නිර්මාණකරුවන්ට (Creators) සහ ව්‍යාපාරිකයින්ට බලපාන බව Meta සමාගම පවසයි.

සමාජ මාධ්‍ය විශේෂඥ මෑට් නවාරා පවසන පරිදි, ඔහුට ලැබුණු දැනුම්දීමකට අනුව දෙසැම්බර් 16 වනදා සිට මසකට බෙදාගත හැකි ලින්ක් ප්‍රමාණය දෙකකට සීමා වෙයි.

මෙම වෙනසට හේතුව ලෙස සමාජ මාධ්‍ය විශේෂඥයින් පවසන්නේ Meta සමාගම සිය වේදිකාවලින් මුදල් ඉපයීමට හැකි සෑම ක්‍රමයක්ම සොයමින් සිටින බවයි.

මීට පෙර ‘Meta Verified’ හරහා නිල් සලකුණ (Blue Tick) ලබාදීමට මුදල් අය කළ අතර, දැන් අන්තර්ගතයන් බෙදාහැරීම (Content Distribution) සඳහා ද මුදල් අය කිරීමට ඔවුන් සූදානම් වන බව පෙනෙන්නට ඇති කරුණක්.

මෙම ක්‍රියාව එලොන් මස්ක් විසින් X (පෙර Twitter) වේදිකාවේ සිදුකළ වෙනස්කම්වලට සමානයි.

එවැනි වෙනස්කම් හේතුවෙන් යුරෝපා සංගමය විසින් X වේදිකාවට යුරෝ මිලියන 120 ක (පවුම් මිලියන 105) දඩයක් ද පනවා තිබේ.

කෙසේ වෙතත්, Meta සමාගම ද X හි මාවතේ යමින් ‘Community Notes’ වැනි විශේෂාංග ද හඳුන්වා දීමට සූදානම්.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ Facebook යනු තවදුරටත් නොමිලේ වෙබ් අඩවි වෙත පිවිසුම් ලබාදෙන විශ්වාසනීය මෙවලමක් නොවන බවයි.

එමෙන්ම, එක් සමාජ මාධ්‍ය ජාලයක් මත පමණක් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම අවදානම් සහගත බව ද ඔවුන් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today