විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි ලංකාවට පැමිණීමේදී අදාළ අවසර පත්‍රය (Boarding Pass) සහ විදෙස් රටකදී භාවිත කළ රියදුරු බලපත්‍රය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට මෙරට තුළ භාවිතය සඳහා දේශීය රියදුරු බලපත්‍රයක් ලබාදීමට සූදානම් වෙයි.
ඒ අනුව දේශීය රියදුරු බලපත්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ.
මීට පෙර ලංකාවට යන ලාංකිකයෙකුට රියදුරු බලපත්‍රය ලබාගැනීමට සිදුවූයේ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේදීයි.
මෙම නව ක්‍රමවේදය හරහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට සිය රියදුරු බලපත්‍රය කාර්යක්ෂමව සහ පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.