ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන්දියාව,නේපාලය,බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.
ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා ප්රකාශ කළා.
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
මීට අමතරව ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සඳහා පොදු රාජ්ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ නියෝජිතයින්ද දිවයිනට පැමිණෙන බවයි ඔහු ප්රකාශ කළේ.
එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරික්ෂණයට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කළා.