වීසා බලපත්‍ර නොමැතිව අමෙරිකාවට පැමිණෙන සංචාරකයින්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සූදානම් වේ.
නව නීතිය ක්‍රියාත්මක වුවහොත් එය බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ප්‍රංශය සහ ජපානය ඇතුළු රටවල් 40ක සිට පැමිණෙන සංචාරකයින්ට බලපානු ඇත.
මේ වන විට පවතින නීති අනුව අදාළ රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා බලපත්‍ර නොමැතිව දින 90කට නොවැඩි කාලයක් අමෙරිකාවේ රැදී සිටිය හැකිය.
ඔවුන් ඒ සදහා සම්පුර්ණ කළ යුතුව තිබුණේ “ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රයක්”
නමුත් යෝජිත නීති වලට අනුව, අදාළ සංචාරකයින් ගෙවුණු වසර 5ක කාලයක් තුළ භාවිත කළ සමාජ මාධ්‍ය සහ දුරකතන අංක පිළිබඳවත්, ගෙවුණු වසර 10ක කාලයක් තුල භාවිත කර ඇති ඊමේල් ලිපිනත්, අමෙරිකානු බලධාරීන්ට ලබා දිය යුතුය.
ලබන වසරේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක පාපන්දු කුසලානය සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට පෙර රටේ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බව අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙනු ලබයි.