Latest News

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිට ගෝලීය පිළිගැනීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂික ව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන බවත්, ලබාගත් මෙම “A” ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙනු ලබන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කෙරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2024 are:

Denmark Christian Kettel Thomsen

India Shaktikanta Das  

Switzerland Thomas Jordan


The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2024 are:

Brazil Roberto Campos Neto

Chile Rosanna Costa

Mauritius Harvesh Kumar Seegolam

Morocco Abdellatif Jouahri

South Africa Lesetja Kganyago

Sri Lanka Nandalal Weerasinghe

Vietnam Nguyen Thi Hong


The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2024 are:

Cambodia Chea Serey

Canada Tiff Macklem

Costa Rica Roger Madrigal Lopez

Dominican Republic Héctor Valdez Albizu

European Union Christine Lagarde

Guatemala Alvaro Gonzalez Ricci

Indonesia Perry Warjiyo

Jamaica Richard Byles

Jordan Adel Al-Sharkas

Mongolia Byadran Lkhagvasuren

Norway Ida Wolden Bache

Peru Julio Velarde Flores

Philippines Eli Remolona

Sweden Erik Thedéen 

USA Jerome Hayden Powell

World News