ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ප්‍රකාරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු, අමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවට නිව්යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ සොහ්රාන් මම්දානි අනතුරු අඟවා ඇත.
නිව්යෝක් නගරාධිපතිවරයා එලෙස අනතුරු අඟවා තිබියදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ තමන් නිව්යෝක් නගරයේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවය.
එම සංචාරයේදී මම්දානි සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි එම පුවත්පත ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මම්දානි තමන්ව අත් අඩංගුවට ගැනීමේ අදහස වෙනස් කරගෙන ඊශ්‍රායලයටද පැවැතීමට අයිතියක් තිබෙන බව පිළිගතහොත් සාකච්ඡාවක් සඳහා බාධාවක් නොමැති බවය.