Latest News

යුක්‍රේන යුද්ධය අවසන් කරන හැටි පුටින්, ඉන්දියාවේදී කියයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වී තිබේ.

ඒ අනුව යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට එහිදී අනතුරු අඟවා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවය.

“අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි” ලෙස ඔහු පවසයි.

මේ වනවිට ඩොන්බාස්වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

World News

Send your contact Details Today