රුසියාවේ සාර් රජ පවුලට අයත් බිත්තර හැඩැති පළිඟු ආභරණයක් ලන්ඩන් නුවර වෙන්දේසියකදී ඩොලර් මිලියන 30.2ක වාර්තාගත මුදලකට අලෙවි වූ බව BBC පුවත් සේවය වාර්තා කළේය.
ලොව වඩාත්ම විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන බිත්තර හැඩැති එම පළිඟු ආභරණ 19 වැනි සියවසේ අගභාගයේ සිට 20 වැනි සියවසේ මුල් භාගය දක්වා රුසියානු ජාතික පීටර් කාර්ල් ෆැබර්ජේ නමැති රන්කරු විසින් සාර් රජ පවුල වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර, එය ‘ෆැබර්ජේ බිත්තරය’ නමින් හඳුන්වන බව ද වාර්තා වේ.
ලන්ඩන් නුවරදී වාර්තාගත මුදලකට වෙන්දේසි වූයේ 1913 දී දෙවැනි නිකලස් සාර් රජු විසින් සිය මෑණියන්ට තිළිණ කළ දියමන්ති 4,500ක් එබ්බ වූ අඟල් 32ක් උසැති ෆැබර්ජේ බිත්තර පළිඟු ආභරණය බව ද BBC පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 1917 දී රුසියානු විප්ලවය දක්වා ෆැබර්ජේ රන්කරු විසින් සාර් රජ පවුල වෙනුවෙන් මැණික් සහ දියමන්ති එබ්බ වූ එවැනි බිත්තර හැඩැති පළිගු ආභරණ 69ක් නිර්මාණය කර ඇති අතර, ඉන් වැඩි ප්රමාණයක් රුසියාවේ සාන්ත පීටර්බර්ග් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි වාර්තා වේ.



