Latest News

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන අලුත්ම කතාව මෙන්න

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බන්ධ­නා­ගා­ර­ගත වී සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් යුතුව පසු­වන බව ඔහුගේ සොහො­යු­රිය උස්මා කානුම් තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අග­මැ­ති­ව­රයා මුණගැසී­මට ඔහුගේ සොහො­යු­රි­යට රාව­ල්පිණ්ඩි නුවර බන්ධ­නා­ගා­රයේ බල­ධා­රීන් විසින් පෙරේදා මිනිත්තු 20ක කාල­සී­මා­වක් සඳහා අව­සර දුන් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉම්රාන්ගේ සහ සොහො­යු­රි­යගේ හමුව බන්ධ­නා­ගාර බල­ධා­රීන් විසින් ඉතා සමී­පව නිරී­ක්ෂ­ණය කර ඇතැයි ද, ඇයට ජංගම දුර­ක­තන රැගෙන යෑමට අව­සර ලැබි නැති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

සිය සොහො­යුරා දැක බලා ගැනී­මෙන් පසු බන්ධ­නා­ගා­ර­යෙන් පිට­තට පැමිණි උස්මා කානුම් ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය තත්ත්වය යහ­පත් වූවද, දීර්ඝ කාලයක් හුදෙ­ක­ලා­වීම හේතු­වෙන් ඔහු දැඩි මාන­සික ආත­ති­ය­කින් පෙළෙන බවය.

වෛද්‍ය­ව­රි­යක ද වන ඇය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ ඔහු මාන­සික වශ­යෙන් පීඩා­වට පත් කිරීම ශාරි­රීක හිංස­න­යට වඩා බර­ප­තළ බවය.

වසර දෙක­කට අධික කාල­යක් හුදෙ­කලා වීමෙන් ඔහු දැඩි කෝප­යෙන් යුතුව පසු­වන බවත් ඇය සඳ­හන් කර තිබේ.

ඉම්රාන් ඛාන් ජිවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි පසු­ගිය සතියේ අන්ත­ර්ජා­ලයේ පුවත් පැතිරී ගිය අතර, සිය පියා පිළි­බඳ සති තුන­කින් කිසිදු තොර­තු­රක් වාර්තා නොවූ බවට ලන්ඩ­නයේ සිටින ඔහුගේ පුතුන් දෙදෙනා මාධ්‍ය­යට ප්‍රකාශ කර තිබිණි.

සිය පියා හමු­වී­මට පවුලේ සාමා­ජි­ක­යන්ට අව­සර නොදීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ දැඩි භීති­ය­කින් පසු­වන බව ඔහුගේ බාල පුත්‍රයා වන කාසිම් ඛාන් වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කර තිබිණි.

World News

Send your contact Details Today