Latest News

ඔස්ට්‍රේලියාවට සරණාගත වීසා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන Skilled Refugee Labour A​greement P​ilot​​ (පුහුණු සරණාගත කම්කරු ගිවිසුම් නියමු) වැඩසටහන 2026 ජුනි 30 දක්වා දීර්ඝ කර තිබේ.

මෙය Talent Beyond Boundaries සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර මේ හරහා වීසා ස්ථාන 500ක් ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

2021 ජූලි මාසයේ ආරම්භ වූ මෙම වැඩසටහන, සේවා අවශ්‍යතා තිබෙන ව්‍යාපාරවලට කුසලතා ඇති සරණාගතයින් හා අවතැන් වූ පුද්ගලයින් බඳවා ගැනීමට උපකාර වෙයි.

මෙම වැඩසටහනට ලියාපදිංචි සරණාගතයින් අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වෙළඳ සේවකයින්, මෘදුකාංග සංවර්ධකයින් සහ වෙනත් බොහෝ පිළිගත් වෘත්තිකයන් සිටින බව Talent Beyond Boundaries පවසයි.

SESR (subclass 494) , ENS(subclass 186) සහ Skills in Demand (subclass 482) වීසා යටතේ අනුග්‍රහය ලබා දිය හැකි අතර, රැකියා යෝජනා ලැබූ පිරිසට පූර්ණ කාලීන සේවය ලබාදෙන බවද සඳහන්.

ENS සහ SESR වීසා සඳහා ව්‍යාපාරයකට අවුරුදු 55 දක්වා පුද්ගලයින්ට අනුග්‍රහය දැක්විය හැකි අතර Skills in Demand වීසා සඳහා වයස් සීමාවක් නොමැති බවයි සඳහන් කරන්නේ.

ANZSCO කුසලතා මට්ටම 3-5 සහිත රැකියාවක් සඳහා දක්ෂ සරණාගතයෙකු හෝ අවතැන් වූ පුද්ගලයෙකු බඳවා ගන්නා විට සේවා යෝජකයින්ට ආදායම් සීමාවෙන් 10% ක අඩු කිරීමක් ලබා ගත හැකියි.

එමෙන්ම, අපේක්ෂකයින්ට සෞඛ්‍ය, චරිත සහ ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමටත්, අවම වශයෙන් ක්‍රියාකාරී ඉංග්‍රීසි දැනුමක් තිබීමටත් අවශ්‍ය වේ.

සේවා යෝජකයින්, සරණාගතයින් සහ අවතැන් වූ පුද්ගලයින් Talent Beyond Boundaries (TBB) වෙබ් අඩවිය හරහා නියමු වැඩසටහනට ලියාපදිංචි විය යුතු අතර, වීසා ක්‍රියාවලිය පුරා TBB විසින් අඛණ්ඩ සහය ලබා දෙන බවද සඳහන් කරයි.

World News

Send your contact Details Today