Latest News

වසර 40කට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය සිදු කළ දේ

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර වසර 40කට පසු සෘජු සාකච්ඡාවක් පවත්වා තිබේ.

ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම්, ඊශ්‍රායල සිවිල් නියෝජිතයින් සහ ලෙබනනය සඳහා ඇමරිකානු විශේෂ නියෝජිත මෝගන් ඔර්ටගස් ඊට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙරට අතර පළුදු වීම් නැවැත්වීම, ලෙබනන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ සිය භූමිය ඊශ්‍රායලයෙන් නිදහස් කර ගැනීම එම සාකච්ඡාවල අරමුණ බව ලෙබනන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේ නමුත් ඔහු අවධාරණය කර තිබුණේ මෙය සාම සාකච්ඡාවක් නොවන බවය.

දෙරට අතර ගැටුම් ආරම්භ වුණේ 1948දී පමණ වන අතර ඊශ්‍රායලය 1970 දශකයේදී ලෙබනනය ආක්‍රමණය කර ප්‍රහාර දියත් කිරීමත් සමග එය උග්‍ර වුණි.

1980 කාලයේදී හිස්බුල්ලා සංවිධානය ද ඒ සඳහා එක්වුණි.

ඉන් අනතුරු ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර මතභේදාත්මක තත්වය අඛණ්ඩව පැවති බව සඳහන්.

World News

Send your contact Details Today