නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබේ.
අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2023 දී බොලා ටිනුබුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා මොහොමඩ් බදාරු අබුබකර් වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කළේ.
63 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉවත් වීම එරට ආරක්ෂාව අභියෝගයට ලක්වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පලකර තිබෙන බව විදෙස් මාධ්‍යවල සඳහන්.