ඉන්දියාවේ නිපදවන ලද අධිවේගී රොකට්ටුවකින් ගුවන් නියමුවන් ගලවාගැනීමේ ක්‍රියාවලියට දායක වන ගැලවීමේ පද්ධතියක අධිවේගී රොකට්-ස්ලෙඩ් පරීක්ෂණයක් සාර්ථකව වී තිබේ.
ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් මෙය සිදුකර තිබුණි.
ඉන්දියාවේ චන්දිගාර්හිදී ටර්මිනල් බැලැස්ටික් පර්යේෂණ රසායනාගාරයේදී දුම්රිය පීල්ලක් ලෙසින් සැකසූ මාර්ගයක් මත අධිවේගී රොකට්ටුවක වේගයෙන් එනම් පාලිත ප්‍රවේගයකින් මෙම පරීක්ෂණය සිදු කර තිබේ.
Light Combat Aircraft (LCA) ගැලවීමේ පද්ධතිය සඳහා වන මෙම පරීක්ෂණය මඟින් වියන් කැඩී යාම (canopy severance), ඉවතලීමේ අනුක්‍රමය (ejection sequencing), සහ ගුවන් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් ගලවා ගැනීමේ ක්‍රියාවලිය අත්හදා බැලුවේය.
මෙහිදී සිදුවන්නේ රොකට්ටුවේ සිටින නියමුවා, කාර්ය මණ්ඩල සාමාජිකයින් අධිවේගයෙන් යන රොකට්ටුවේ ඉහත වීදුරුව බිඳදමා අසුනත් සමඟ ඔවුන් ඉහළ අසට විසිකොට පසුව අසුන වෙනම ගැලවීමට සලස්වා වහාම විවෘත වූ පැරෂුටයක් මගින් නියමුවා ආරක්ෂිතව ගොඩබිමට බැස්වීමේ ක්‍රියාවලියයි.
මෙහිදී යම් අනතුරුදායක තත්ත්වයකදී නියමුවන් ආරක්ෂා කරගැනීමට අපේක්ෂිතයි.
මෙම සංකීර්ණ ගතික පරීක්ෂණය Aeronautical Development Agency (ADA) සහ Hindustan Aeronautics Limited (HAL) සමඟ සහයෝගයෙන් පැවැත්වූවක්.
මෙමගින් ඉන්දියාව උසස් දේශීය ගැලවීමේ පද්ධති පරීක්ෂණ හැකියාවක් ඇති ජාතීන්ගේ සමාජයට ඇතුළත් වේ.
ශුන්‍ය-ශුන්‍ය පරීක්ෂණ (Zero-Zero test) වැනි ස්ථිතික පරීක්ෂණවලට වඩා ගතික ඉවතලීමේ පරීක්ෂණ සැලකිය යුතු ලෙස සංකීර්ණ පරීක්ෂණයක්.
ඉවතට විසිකරන ආසනයේ ක්‍රියාකාරිත්වය සහ වියන් වෙන් කිරීමේ පද්ධතියේ කාර්යක්ෂමතාව ඇගයීම සඳහා වූ සත්‍ය මිනුම වන්නේ ද මෙම ගතික පරීක්ෂණයි.
පරීක්ෂණය සිදු කළ ආකාරය අනුව, LCA ගුවන් යානා ශීර්ෂය සහිත ද්විත්ව-ස්ලෙඩ් පද්ධතියක් ඝන ප්‍රචාලක රොකට් මෝටර කිහිපයක අදියර වශයෙන් දහනය කිරීම හරහා නිශ්චිතව පාලනය කරන ලද ප්‍රවේගයකට තල්ලු කෙරෙයි.
වියන් බිඳෙන රටාව, ඉවතලීමේ අනුක්‍රමය සහ ගුවන් නියමුවා සම්පූර්ණයෙන් ගලවා ගැනීමේ ක්‍රියාවලිය, උපකරණ සහිත මිනිස් හැඩැති පරීක්ෂණ ඩමියක් භාවිතයෙන් අනුකරණය කර තිබුණේය.
මෙම ඩමිය මඟින් ඉවතට විසි කරන ලද ගුවන් නියමුවන්ට ඇතිවිය හැකි තීරණාත්මක බර, මොහොත සහ ත්වරණ වාර්තා කර තිබේ.
සම්පූර්ණ අනුක්‍රමය ග්‍රහණය කර ගනු ලැබුවේ ගුවන් යානයේ තිබූ සහ බිම පදනම් වූ රූපකරණ පද්ධති මගින්.
මෙම පරීක්ෂණය ඉන්දීය ගුවන් හමුදාවේ (IAF), Institute of Aerospace Medicine සහ සහතික කිරීමේ ආයතනවල නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ.
රක්ෂා මන්ත්‍රී ශ්‍රී රාජ්නාත් සිං මෙම සාර්ථක පරීක්ෂණය සම්බන්ධයෙන් DRDO, IAF, ADA, HAL සහ කර්මාන්ත ක්ෂේත්‍රයට සුබ පැතුවේය.
ඔහු මෙය ස්වයං-විශ්වාසය දෙසට ගමන් කරන ඉන්දියාවේ දේශීය ආරක්ෂක හැකියාව සඳහා වූ වැදගත් සන්ධිස්ථානයක් ලෙස විස්තර කළේය.
ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් සහ DRDO සභාපති ආචාර්ය සමීර් වී කාමත් ද මෙම සාර්ථක නිරූපණයට සම්බන්ධ DRDO කණ්ඩායමට සුබ පැතුවේය.