Latest News

දරුවන්ට YouTube තුළ තහනම් දෙයක් ගැන එම සමාගම කියයි

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බාලවයස්කරුවන්ට ඉදිරියේදී පැනවීමට නියමිත සමාජ මාධ්‍ය තහනමට අනුකූල වන තොරතුරු කිහිපයක් YouTube විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු දරුවන්ගේ ගිණුම් ඉවත් කරන බවයි YouTube තහවුරු කර ඇත්තේ.

දෙසැම්බර් 10 වන දින සිට, වයස අවුරුදු 16ට අඩු ගිණුමක් ඇති ඕනෑම අයෙකු ඔවුන්ගේ ගිණුම්වලින් ඉවත් කරනු ලබන අතර, ඒවාට නැවත ප්‍රවේශ වීම හෝ නව ගිණුම් නිර්මාණය කිරීම තහනම් කෙරෙනු ඇති.

මෙයින් අදහස් වන්නේ ඔවුන්ට content නිර්මාණය කිරීමට, වීඩියෝවලට like සහ comment කිරීමට හෝ අනෙකුත් channels subscribe කිරීමට ඇති හැකියාව අහිමි වනු ඇති බවයි.

කෙසේවෙතත් ඔවුන්ට තවමත් YouTube වෙත ප්‍රවේශය ඇති අතර වීඩියෝ නැරඹීමට හැකි වනු ඇති අතර, ඔවුන් වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පසු ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගත හැකියි.

එමෙන්ම දෙමව්පියන්ට සුදුසු අන්තර්ගත සැකසුම් හෝ ඇතැම් නාලිකා අවහිර කිරීම වැනි parental controls භාවිතා කිරීමට ද නොහැකි වනු ඇතැයි සමාගම පවසයි.

කෙසේවෙතත් YouTube සමාගම ඔස්ට්‍රේලියාවේ මෙම නව නීති විවේචනය කර ඇති අතර එය දරුවන් අන්තර්ජාලය හරහා අවදානම් වලින් ආරක්ෂා කිරීමට අපොහොසත් වනු ඇති බවයි තර්ක කරන්නේ.

Google and YouTube Australia Public Policy Senior Manager Rachel Lord (ඕස්ට්‍රේලියාවේ ගූගල් සහ යූ ටියුබ්- රාජ්‍ය ප්‍රතිපත්ති ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී රේචල් ලෝඩ් බ්ලොග්) පවසන්නේ මෙය ප්‍රමාණවත් උපදේශනයක් සහ මාර්ගගත ආරක්ෂණ නියාමනයේ සැබෑ සංකීර්ණතා සලකා බැලීමට ඉඩ නොදුන් කඩිනම් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක අවාසනාවන්ත ප්‍රතිවිපාකයක් වනු ඇති බවයි.

World News

Send your contact Details Today