Latest News

“ඇත්ත­ටම ඒ ආදරේ මගේ ජීවි­තේට ලොකු ශක්ති­යක්” – අපූර්වා ආශා­වරී

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රිය­ලිටි තර­ගා­ව­ලි­ය­කින් ක්ෂේත්‍ර­යට ඇවිල්ලා මේ වෙද්දි ගාය­න­යෙන් රංග­න­යෙන් ප්‍රේක්ෂ­ක­යන්ගේ හද­වත් දිනා­ගත්තු අයෙක් තමයි අපූර්වා ආශා­වරී. මේ දවස්වල අපූර්වා ‘සංගීතේ‘ ටෙලි නාට්‍ය­යෙන් ප්‍රේක්ෂ­ක­යන්ට සමීප වෙලා. ඒ නිසාම මේ සොඳුරු කතා­බහ අපූර්වා ආශා­වරී සමඟයි…

කොහො­මද ජීවිතේ?

ජීවිතේ හොඳින් සතු­ටින් ඉන්නවා.

සංගීතේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ කොහො­මද?

ටීවී දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකෙන් පස්සේ මට රංග­න­යෙන් දායක වෙන්න කියලා ආරා­ධ­නා­වක් ලැබෙ­නවා. ලක්සිරි සර්ගෙන් තමයි ඒ ඇරි­යුම මට ලැබුණේ.

මේ වෙද්දී ලැබෙන ප්‍රති­චාර ගැන කිවුවොත්?

මුල් කාලේ නම් දරුණු ප්‍රති­චාර ලැබුණා. දැන් සාමාන්‍ය මට්ට­මට පත් වෙලා හොඳ නරක දෙකම ලැබෙ­නවා.

අපූර්වා දිග­ටම රඟපා­යිද?

ඒක නම් කොහොම වෙයිද කියන්න බැහැ. සංගී­ත­යට තමයි මුල් තැන දෙන්නේ. ඒ අතරේ හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණොත් රඟ­පා­නවා.

අලුත් සින්දු­වක් කරන්නෙ නැද්ද?

මේ වෙද්දී අලුත් සින්දු­වක් කරලා තියෙන්නේ. ලබන අවු­රුද්දේ මුලදී රසි­ක­යන්ට ඒ නිර්මා­ණය අහන්න පුළු­වන් වෙයි.

සින්දු කියන එක ද රඟ­පාන එක ද ලේසි?

සින්දු කියන එක සහ රංගනය කියන්නේ අංශ දෙකක්. මම සංගී­ත­යෙන් කලා­වට ආව නිසා ද කොහෙද මට නම් රංග­නය අසී­රුයි කිය­ලයි දැනෙන්නේ.

ඩ්‍රීම් ස්ටාර් වේදි­කාව ජීවිතේ කොයි තරම් වෙනස් කළාද?

ඩ්‍රීම් ස්ටාර් වේදි­කාව තමයි මගේ ජීවි­තේම වෙනස් කළේ. ඒ ලැබුණු දේවල් මෙන්න මෙහෙ­මයි කියන්න බැරි තරම්. මගේ මුළු ජීවි­තේම හැර­වුම් ලක්ෂ්‍යය ඩ්‍රීම් ස්ටාර් වේදි­කාව කිවුවොත් හරි.

සංජ­ය­ගෙන් ලැබෙන ආදරේ ගැන කිව්වොත්…

ඇත්ත­ටම ඒ ආදරේ මගේ ජීවි­තේට ලොකු ශක්ති­යක්. මම විශ්වාස කරන්නේ ගැහැනු ළම­යෙක්ට ලැබෙන්න ඕනේ ඒ වගේ ආද­ර­යක්.

සංජ­යගේ දකින හොදම ගුණාං­ගය මොකක් ද?

එයාගේ නර­කක් කියලා කියන්න දෙයක් නැහැ. මාත් එක්කම ඉඳලා මාව දරු­වෙක් වගේ ආද­රෙන් බලා ගන්න එක තමයි මම කැම­තිම දේ.

අපූර්වා ටිකක් වෙනස් වෙලා වගේ, ඒ ගැන මොකද හිතෙන්නෙ.

පෙනුම කියන දේ ජීවිතේ ඉතින් විවිධ කාල වලදී වෙනස් වෙනවා. ඒක ස්වභා­වි­ක­වත් වෙනවා, ඒ හැර විවිධ දේවල් හරහා අපි වෙනස් කර ගන්න අව­ස්ථාත් තියෙ­නවා. මම කොහො­මත් මගේ පෙනුම ගැන හිතන කෙනෙක්.

අපූර්වා කියන්නෙ මොන වගේ කෙනෙක් ද?

මම මගේ ගැන විශ්වාස කරන්නේ,

ෆැෂන් කරන්න ගොඩක් කැමැති කෙනෙක් නේද?

ඔව්. මම ආසයි ලස්ස­නට පිළි­වෙ­ළට ඉන්න. ඒ එක්කම එක එක කාලෙට එන මට ගැළ­පෙන දේවල් මම කර­නවා.

ටැටුස් කරලා තියෙ­න­වද?

දැනට නම් ටැටුස් කරලා නැහැ. කරන්න ආසා­වක් නම් තියෙ­නවා. බලමු ඉස්ස­ර­හට.

කේන්දරේ විශ්වාස කර­න­වද?

ඉස්සර නම් කේන්දරේ විශ්වාස කළේ නැහැ. නමුත් මෑත කාල­යක ඉඳන් ඒ ගැන විශ්වා­ස­යක් ඇති වෙලා තියෙ­නවා.

පවුලේ විස්තර …

අම්මත් මල්ලිත් මමත්. තාත්තා ජීව­තුන් අතර නැහැ.

තාත්තා හිටියා නම් අද කොයි තරම් සතුටු වෙයිද?

තාත්තා හිටියා නම් මම අද ඉන්න තැන ගැන ලොකු සතු­ටක් තියෙයි. මොකද මම හිතන්නේ මේ මම හැබෑ කර ගත්තේ තාත්තා දැකපු හීන­යක්. මට අවු­රුදු 10දී තාත්තා මිය යන්නේ. නමුත් මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් තාත්තා මට කිවුවේ සින්දු කියන්න කියලා. තාත්තා ගාය­ක­යෙක් නොවු­ණට තාත්ත­ටත් හරිම ලස්සන කට­හ­ඬක් තිබුණු කෙනෙක්. මගේ අම්ම­ටත් එහෙ­මයි. ඒ දෙන්න­ටම ලස්ස­නට සින්දු කියන්න පුළු­වන්.

පවුලේ අය­ගෙන් ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?

අද මම ඉන්නේ මගේ පවු­ලෙන් සහ මම ආදරේ කරන කෙනා­ගෙන් ලැබෙන ලොකු සහ­යෝ­ගය නිසා. පවුල කියන දේ තුළින් තමයි මට මේ පන්න­රය ලැබුණේ. පවුල තමයි මගේ ජීවිතේ හැම­දේම.

ප්‍රේක්ෂක ආදරේ ගොඩක් සතු­ටුයි. ඒ ආදරේ නිසා තමයි අපි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ඒ නිසා හැමෝ­ටම ආද­රෙන් කියන්නේ හැම­දාම අපි එක්ක ඉන්න. අපිට දෙන ආදරේ වගේම අපිත් හැම­දා­මත් ප්‍රේක්ෂක ආද­රේට ආදරේ කර­නවා සහ ගරු කර­නවා.

අනා­ගත බලා­පො­රොත්තු මොන­වාද?

මම කැමැ­තියි ගායන ක්ෂේත්‍ර­යෙන් ලංකා­වෙන් එළි­යට යන්න. ඒක තමයි මගේ එකම බලා­පො­රො­ත්තුව. ඒ වෙනු­වෙන් තමයි මම මහන්සි වෙන්නේ සහ වැඩ කරන්නේ.

World News

Send your contact Details Today