Latest News

“චිත්‍ර­ප­ටය­කට යන්න තරම් මම තාම මුව­හත් නැහැ” – චිත්මිණි මැදවල

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුංචි තිර­යට අලු­තින්ම පායපු තාර­කා­වක් වන ඇය හිරි­පොද වැස්ස, අහස් වැනි ටෙලි නාට්‍ය­ව­ලින් අපට සමීප වූ චිත්මිණි මැද­ව­ලයි. අද කතාබහ ඇයත් සමඟයි.

කොහො­මද මේ දව­ස්වල ජීවිතේ…?

මේ දව­ස්වල රූගත කිරීම් නිසා තර­මක් කාර්ය බහු­ලයි. විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­පන කට­යුතු නිම­කළ නිසා පූර්ණ­කා­ලී­නව රංගන කාර්ය­යට කාලය යොදවා තිබෙ­නවා. ස්වර්ණ­වා­හි­නියේ ” හිරි­පොද වැස්ස” ස්වාධීන රූප­වා­හි­නියේ “සිහි­න­යක තනි­වෙලා” යන නිර්මා­ණ­වල රූගත කිරීම් මේ දින­වල සිදු වෙනවා. ඒ වගේම ජගත් බෙන­ර­ගම අයි­යගේ මම සහ ඔබ ටෙලි නාට්‍යයේ වැඩ පටන් ගෙන තිබෙ­නවා.

ඔබ කලා ක්ෂේත්‍ර­යට පිවි­සෙන්නේ කොහො­මද?

2022 වසරේ හිරු අවු­රුදු කුම­රිය තර­ගා­ව­ලියේ අව­සන් පස්දෙනා අත­රට මම තේරී පත්වෙ­නවා. ඒ වගේම එහි හොඳම කේශ කල්‍යා­ණ­යට හිමි තැනැ­ත්තිය ලෙසත් මාව තේරී පත්වෙ­නවා. එකී තර­ගා­ව­ලි­යෙන් පසු­වයි මට කලා ක්ෂේත්‍රයේ නිර්මාණ සඳහා ආරා­ධනා ලැබෙන්නේ.

ඔබ අවු­රුදු කුම­රි­යක් වුණේම රංග­න­යට අවශ්‍ය පාර කපාගන්නද?

නැහැ. මට මුලින්ම ඒ ක්ෂේත්‍ර දෙක­ටම ලොකු කැමැ­ත්තක් තිබුණෙ නැහැ. නමුත් මට හිතුණා හිරු අවු­රුදු කුම­රි­යට අයැ­දු­ම්ප­තක් යොමු කරන්න. අවු­රුදු කුම­රිය තර­ගා­ව­ලියෙන් ඉදි­රි­යට ගියා පසුවයි මට කලා ක්ෂේත්‍ර­යට පිවි­සෙන්න කැමැ­ත්තක් ඇති වුණේ. එයින් ලැබුණු ආත්ම විශ්වා­සය මාව කලා ක්ෂේත්‍ර­යට පිවි­සෙන්න ලොකු තල්ලු­වක් දුන්නා.

කලා ක්ෂේත්‍රය තුළ පැවැත්ම රඳා පවත්වා ගැනී­මට වගේම තරු ගුණය නඩත්තු කරන්න ඔබ යොදන උප­ක්‍රම මොන­වාද?

කලා ක්ෂේත්‍රය තුළ පැවැත්ම රඳවා ගැනී­මට නම් අපේ උත්සා­හය අත්‍ය­වශ්‍ය වෙනවා. කෙටි පාර­වල් නිවැ­රදි නැති මාර්ග­ව­ලින් කලා ක්‍ෂේත්‍රයේ ඉදි­රි­යට ගියාම පැවැත්ම කෙටිකාලී­නයි. කවුරු හරි අපෙන් වාසි­යක් ලාභ ප්‍රයෝ­ජ­න­යක් තකා අපට යම් චරි­ත­යක් ලබා දෙනවා නම් එකී චරි­ත­යෙන්ම අපේ ගමන නව­ති­නවා. මම හිතන්නේ අපේ පැවැත්ම රඳවා ගැනී­මට අපේ දක්ෂ­තා­ව වගේම කලාව පිළි­බඳ අධ්‍ය­ය­නය අත්‍ය­ව­ශ්‍යයි කියලා.

මෙවැනි චරි­ත­යක් ලැබු­ණොත් ඔබේ උප­රි­මය පෙන්නන්න පුළු­වන් කියා හිතෙන ආකා­රයේ චරි­ත­යක් තිබෙ­න­වද?

මට ලැබෙන ඕනෑම චරි­ත­ය­කට උප­රිම සාධා­ර­ණ­යක් කළ හැකියි කියා මම විශ්වාස කර­නවා. හැබැයි මම ටිකක් කැමැ­තියි පොලිස් කාන්තා­වක් වැනි තර­මක් රෞද්‍ර චරි­ත­යක් නිරූ­ප­ණය කරන්න. මම හිත­නවා රෞද්‍ර හෝ නපුරු චරි­ත­යක් තුළින් මගේ උප­රිම දක්ෂ­තා­වය පෙන්වී­මට හැකි­යාව ලැබෙයි කියලා.

ඔබ මෙතෙක් කල් අහිං­සක චරි­ත­ව­ල­ටම කොටු­වුණ නිසාද නපුරු චරි­ත­යක් කරන්න කැමැ­ත්තක් ඇති වුණේ….?

ඇත්ත­ටම ඔව්. මට ලැබුණු ගොඩක් නිර්මා­ණ­වල අහිං­සක චරි­තයි නිරූ­ප­ණය කරන්න අව­ස්ථාව ලැබුණේ. චරි­තය තුළ යම් යම් අව­ස්ථා­වල නපුරු වෙන ජව­නිකා තිබු­ණත්, එකී චරිත ස්වභා­වය නිවුණු වගේම අහිං­සක චරි­තයි. ඒ නිසා අහිං­සක චරි­ත­ව­ලින් මම පිට පනින්න කැමැ­තියි.

රිදී තිර­යත් අති­ක්‍ර­ම­ණය කරන්න අද­හ­සක් නැද්ද?

චිත්‍ර­පටි කිහි­ප­ය­ක­ටම ආරා­ධනා ලැබුණා. නමුත් මම හිත­නවා චිත්‍ර­ප­ට­ය­කට යන්න තරම් මම තාම මුව­හත් නැහැ කියලා. මොකද පුළුල් තිරය හා පුංචි තිරය කියන්නේ එකි­නෙ­කට හාත්ප­සින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. මම හිත­නවා රිදී තිරය අති­ක්‍ර­ම­ණය කරන්න මුහුණේ හැඩය පවා වෙනස් කර­ගත යුතුයි කියලා. රංගන කාර්යය තුළ මම සිටින්නේ ප්‍රාථ­මික අව­ධි­ය­කයි. ඒ නිසා රංග­නය ගැන හොඳින් හදාරා රිදී තිර­යට පිවි­සෙන්න බලා­පො­රොත්තු වෙනවා.

ඔබ නිර්මා­ණ­යක් තෝරාගන්නේ ස්වයං වාර­ණ­ය­කට යටත්වද?

ඇත්ත­ටම ඔව්. මට ලැබෙන හැම චරි­ත­යක්ම මම භාර­ගන්නේ නැහැ. ඇඳුම් පැල­ඳුම් චරි­තයේ ස්වභා­වය වගේම පිට­පත ගැනත් මම අව­ධා­නය යොමු කර­ලයි එකී චරි­තය භාර ගන්නේ. මොකද චරි­ත­යක් භාර ගත්ත­හම ඒ චරි­තය දාලා යන්න මම කැමැති නැහැ.

කලා ක්ෂේත්‍ර­යට නව­ක­යෙක් ලෙස පිවි­සෙන විට කැපිලි කෙටිලි ආවද?

කැපිලි කෙටිලි තර­මක් තිබුණා. නමුත් ප්‍රවීණ වගේම කලා ක්‍ෂේත්‍රයේ දැවැ­න්ත­යන් ලෙස හඳු­න්වන බහු­ත­ර­ය­කගේ ආද­රය වගේම මඟ පෙන්වීම ලැබුණා.

ඔබ වැඩි­පුර කැමැති යථා­ර්ථ­වාදී චරිත කර­න්නද ෆැන්ටසි චරිත කර­න්නද?

මම ගොඩක් කැමැති යථා­ර්ථ­වාදී චරිත කරන්න. පොළොවේ පය ගහල ඉන්න, ඇත්ත ලෝකයේ ජීව­ත්වෙන චරිත කළාම අපට යමක් කළා ­යැයි ආත්ම තෘප්ති­යක් දැනෙ­නවා. ෆැන්ටසි චරිත තරම් මිනි­සුන් අත­රට යන්න අමාරු වුණත් යථා­ර්ථ­වාදී චරි­ත­යක් කළාම මිනි­ස්සුන්ට මතක හිටි­නවා වැඩියි.

ඔබ පෙම්ව­ති­යක්ද?

ඔව්.. මම පෙම්ව­ති­යක්.

ඔහු ක්ෂේත්‍ර­යට සම්බන්ධ කෙනෙක්ද?

නැහැ, ඔහු ක්ෂේත්‍ර­යට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඔහු ගැන විස්තර මං පසුව කිය­න්නම්.

World News

Send your contact Details Today