රටවල් 35 ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනින්.
එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.
බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් ඊට ඇතුළත් වනවා.
ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ.
අදාළ යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ පසුව වීසා ගාස්තු ඉවත් කිරීමේ අදාළ තීරණය ක්‍රියාත්මක වනු ඇති.
මීට පෙරද රටවල් 7ක් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කරනු ලැබුවා.
ඒ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල්වල සංචාරකයින් සඳහායී.
අදාළ රටවල් ලැයිස්තුව පහතින්…