Latest News

චීනයේ මිනිසුන් රහිත යානාවලින් ගුවන් ක්‍රියාකාරකම් කරයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් භූමියේ සිට මීටර් 1,000කට ආසන්න ඉහළ අවකාශයේ මිනිසුන් සහිත සහ රහිත ගුවන් ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය මේ වන විට දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය පවසන්නේ 2025 වසර අවසන් වන විට එහි අගය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 210ක අගයකට ළඟා වනු ඇති බවය.

චීන රජය විසින් මෙය උපායමාර්ගික නැගී එන කර්මාන්තයක් ලෙස නම් කර ඇති අතර මේ වෙනුවෙන් නව ප්‍රතිපත්ති රාමුවක්ද ඉදිරිපත් කර තිබේ.

මෙම වෙළෙඳපොල උපයෝගි කරගනිමින් ගුවන් කුලී රථ සේවා, සංචාරක කටයුතු, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලට ඩ්‍රෝන මගින් භාණ්ඩ බෙදා හැරීම සිදුකිරීමේ වැඩි අවධානයක් යොමුකර තිබේ.

එමෙන්ම විදුලි රැහැන් පරීක්ෂා කිරීම, භූගෝලීය සමීක්ෂණ සහ සිතියම්ගත කිරීම, කෘෂිකාර්මික කටයුතු, හදිසි සේවා, ගලවා ගැනීමේ මෙහෙයුම් සහ හදිසි වෛද්‍ය සැපයුම් ප්‍රවාහනයද ඊට ඇතුළත්.

චීනයේ ඩ්‍රෝන තාක්ෂණයේ දැවැන්තයා ලෙස සලකනු ලබන DJI සමාගම ෂෙන්සෙන් සහ වුහාන් නගර කේන්ද්‍රකරගනිමින් මෙම නව ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

World News

Send your contact Details Today