යුක්‍රේනයේ කිව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට අද (25) අලුයම රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයෙන් අවම වශයෙන් නේවාසික ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවට යුක්‍රේන බලධාරීන් තහවුරු කර තිබේ.
ඉන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, යුක්‍රේන අගනුවර වටා ගුවන් ආරක්ෂක ඒකක ද ක්‍රියාත්මක වී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.