Latest News

කැනඩාව සහ ඉන්දියාව අතර නැවතත් වෙළඳ සාකච්ඡා

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව වෙළඳ ගිවිසුමක් සඳහා ඇණහිට තිබූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැනඩාව සමග එකඟ වී ඇති බව ඉන්දීය රජය පවසයි.

රාජ්‍ය තාන්ත්‍රික මතභේදයකින් පසුව වසර දෙකකට පෙර දෙරට අතර සාකච්ඡා නතර වී තිබුණේය.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි පැවති ජී – 20 සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සඳහා කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී යළි මෙලෙස එකඟතාවයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ‍2030 වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් ඉහළ අභිලාෂකාමී විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නායකයින් එකඟ වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

World News

Send your contact Details Today