Latest News

රන්දෝලි පෙරහර අතරතුර දියවඩන නිලමේ විසින් නැටුම් කණ්ඩායමට බැන්න හේතුව මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රන්දෝලි පෙරහර පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් නැටුම් කණ්ඩායමකට බනින ආකාරයේ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

මේ පිළිබඳව දළදා මාලිගාවේ සංස්කෘතික නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගලගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලකයා වශයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් එම නැටුම් කණ්ඩායමට වෙත අවවාද කිරීම ඉතා සාධාරණ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා පිරිස් පවසන දේ ඉතා අශෝභන බව ඔහු කියා සිටියා.

ඔහු ඒ පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පවසා සිටියේ අදාළ නැටුම් කණ්ඩායම් දෙක වන සුරසේන පරම්පරාව සහ වේරපිටිය පරම්පරාවේ නැටුම් කණ්ඩායම් දෙක විසින් පෙරහැර තුළදී ඉතා තරගකාරිව නර්තනයේ යෙදීම මෙම කරුණට හේතු වු බවයි.

එය කිහිප වරක්ම දකින්ට ලැබීම හේතුවෙන් ඔවුන් එකිනෙකා වෙනස් මාත්‍රාවල නැටීම නවතා කණ්ඩායම් දෙකම එකම මාත්‍රාවකට නටන ලෙස දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සම්බන්ධයෙන් මෙහිදී අවවාද කර තිබෙන බව සඳහන්.

දළදා කරඬුව අසල නර්තනයේ යෙදෙන විට ඉතා සංයමයෙන් යුතුව නැටුම් ඉතිරිපත් කළ යුතු බවයි ඔහු මෙහිදී අවධාරණ කර සිටියේ.

එමෙන්ම එම නර්තන කණ්ඩායම් දෙක මීට පෙර පෙරහර තුළදී ද කරඬුව හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරව අතර විශාල පරතරයක් ඇති කිරීමක් සිදුව තිබෙනවා.

දළදා කරඬුවහා නිලමේවරයා සිටිය යුතු වන්නේ දෑස් මායිමේ බවත් එම නැටුම් කණ්ඩායම් දෙක දළදා කරඬුව හා නිලමේවරයා පෙරහර තුළ දී විශාල පරතරයක් ඇති කිරීම සුදුසු නොවන බව දළඳ මාලිගාවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා පවසා සිටියා.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝව සම්බන්ධයෙන් ද දළදා මාළිගාවේ සංස්කීත නිලධාරි, පෙරහර සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ එම අවස්ථාව ගැන නොදැන කරුණු දක්වන මහජනතාව නොදරු, අඥාන කුහක මිනිසුන් වන බවයි.

ලංකාවේ ථෙරවාදි ගිහි නායකයාට අපහාස කිරීම, බෞද්ධ සංස්කෘතික උරුමයට පහර ගැසීමක් බව දළදා මාළිගාවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල වැඩිදුරටත් කියා සිටියා.

World News