ඉන්දියාවේ දිල්ලිහිදී රතු බලකොටුවේ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ෆරීඩාබාද්හි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ, සභාපති ජාවෙඩ් අහමඩ් සිද්ධිකි අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින්.
ඉන්දියානු රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආර්ථික කටයුතු පිළිබඳ බුද්ධි අංශයක් ලෙසත් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මකයි.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 13 ක රැඳවුම් නියෝග යටතේ ED භාරයට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිකි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ, සභාපති මෙන්ම කළමනාකාර භාරකරු වන අතර 2014 වසරේ සිට ෆරීඩාබාද්හි පිහිටි එම විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කරයි.
පසුගියදා දිල්ලි රතු බලකොටුව ප්‍රහාරයේ ත්‍රස්තයන් සොයා සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකටයුතු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසුව, විමර්ශකයින් විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ 19 වන වගන්තිය යටතේ සිද්ධිකි අත්අඩංගුවට ගෙන තිබුණේය.
මෙම විමර්ශනය මූලික වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ කෝටි ගණනින් ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාලයක් සහ අල්-ෆලා සමූහයේ ප්‍රමුඛතම ආයතන මගින් සිදු කළ බවට කියන ප්‍රතීතන සම්බන්ධ වංචනික හිමිකම් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්.
විමර්ශන ඒජන්සි විශ්වාස කරන්නේ අල්-ෆලා සමූහය විසින් කෝටි ගණනක් මුදල් උපයා ඇති අතර, එම මුදල් හවාලා මාර්ග ඔස්සේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොමු කර ඇති බවයි.
මෙම අරමුදල් භාවිතය හේතුවෙන් ජීවිත 14 ක් බිලිගත් පිපිරීමක් සිදුවූ බවට ද චෝදනා එල්ල වෙයි.
ED විමර්ශනය මූල්‍ය අක්‍රමිකතා, අරමුදල් හරවා යැවීම් සහ විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කළ අසත්‍ය ප්‍රතීතන හිමිකම් පිළිබඳව සොයා බලයි.
අල්-ෆලා සමූහයට අයත්, ෆරීඩාබාද් හි අක්කර 72 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති අල්-ෆලා වෛද්‍ය විද්‍යාලය, මේ වනවිට ඉන්දියාවේ විශාලතම ත්‍රස්තවාදී විමර්ශනවල කේන්ද්‍රස්ථානය වී තිබේ.
පොලිසිය විශ්වාස කරන්නේ ප්‍රධාන සැකකරුවන්, එනම් ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් රතු බලකොටුව පිපිරීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස හඳුන්වා දී ඇති සහය මහාචාර්ය, වෛද්‍ය උමාර් උන් නබි ඇතුළු පිරිස, අගනුවර කලාප කිහිපයක් හරහා පිපිරවීම් සඳහා ඇමෝනියම් නයිට්රේට් සඳහා අවශ්‍ය සැපයුම් සහ ප්‍රවාහන මාර්ග සැලසුම් කිරීම සඳහා සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ කාමරයක් භාවිත කළ බවයි.
රතු බලකොටුවෙ අසල පුපුරා ගිය හයිඋන්ඩායි i20 රථය දින 20 ක් පමණ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නවතා තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
විමර්ශකයින් පවසන්නේ 1990 දශකයේ අග භාගයේ සිට මෙම සමූහය වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි.
ඊයේ දිනය පුරා විශ්වවිද්‍යාලය සහ ප්‍රධාන නිලධාරීන්ගේ නිවෙස් ඇතුළු NCR හි ස්ථාන 19 ක සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී, ED විසින් විශාල පරිමාණයේ අරමුදල් හරවා යැවීම් පිළිබඳ සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව සඳහන්.
නිලධාරීන් සඳහන් කළේ කෝටි ගණනක අපරාධ ආදායම්, සිය පවුල්වලට අයත් ආයතන වෙත යොමු කර ඇති බවයි.
ඉදිකිරීම් සහ ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තු සිද්ධිකිගේ බිරිඳට සහ දරුවන්ට සම්බන්ධ සමාගම්වලට ලබා දී ඇති බවට ද චෝදනා එල්ල වේ.
ඒජන්සිය විසින් සෝදිසි කිරීම්වලදී ඉන්දීය රුපියල් ලක්ෂ 48 ක මුදල්, ඩිජිටල් උපාංග, සහ ලේඛන අත්අඩංගුවට ගෙන ඇති තිබේ.
මුදල් විශුද්ධිකරණ ජාලයේ කොටසක් ලෙස විශ්වාස කෙරෙන බහු ෂෙල් සමාගම් ගණනාවක් ද හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ED නිලධාරීන් පැවසුවේ මුදල් හරවා යැවීම් සහ මුදල් සොයා ගැනීම් පිළිබඳ සාක්ෂි සිද්ධිකිගේ වරදකාරිත්වය තහවුරු කළ බැවින් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.