Latest News

දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන භයානක හෙළිදරව්වක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස ඉහළ යාමත් සමඟ ක්‍රීඩා, කියවීම, සංගීතය සහ කලාව අතහැර දමා ඇති බව දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණයකින් හෙළිවී තිබේ.

වසංගතයට පෙර සාපේක්ෂව, සමාජ මාධ්‍ය භාවිතය වසර කිහිපයකින් 200% ක් වැඩිවී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වයස 11–14 දක්වා දකුණු ඕස්ට්‍රේලියානු දරුවන් 14,000 කට වැඩි ප්‍රමාණයක් 2019 සිට 2022 දක්වා නිරීක්ෂණයට ලක්වී තිබේ.

ඒ අනුව දිනපතා සමාජ මාධ්‍ය භාවිතා කරණ තරුණයින්ගේ ප්‍රතිශතය 26% සිට 85% දක්වා ඉහළ ගොස් තිබෙන අතර විනෝදය සඳහා කිසිවිටක පොත් ආදිය කියවා නොසිටි දරුවන්ගේ සංඛ්‍යාවත් 11% සිට 53% දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී කලාව සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම්වලට කිසිදා සහභාගී නොවූ දරුවන්ගේ ප්‍රතිශතය 26% සිට 70% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සංගීතය වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් අතහැර දැමූ දරුවන් 70% සිට 85% දක්වා ඉහළ ගොස් තිබේ.

සමාජ මාධ්‍ය භාවිතා නිකරන කරන දරුවන්ගේ ප්‍රතිශතය 31% සිට 3% දක්වා දැඩි ලෙස පහළ වැටී තිබෙන බව ද සඳහන්.

වසංගත සීමා අවසන්වී වසර තුනකට පසුද මෙම තත්වය යථා තත්ත්වයට පත්වී නොමැති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

සමාජ මාධ්‍ය තහනම් කරන නීති මෙන්ම, දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් වෙත නැවත යොමු කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ක්‍රීඩා, සංගීතය, කලාව වැනි ක්‍රියාකාරකම් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රතිඵල සහ මානසික සෞඛ්‍යය වඩාත් ශක්තිමත් කරන බවද නිලධාරීන් අවධාරණය කරයි.

World News

Send your contact Details Today