Latest News

ඩොනල්ඩ් ට්‍රම්ප්, තවත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියකට ප්‍රසිද්ධියේ බැන වදියි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ABC News ප්‍රධාන ධවල මන්දිර වාර්තාකාරිනී මේරි බෲස් හට ඇයගේ ආකල්ප ගැන ප්‍රසිද්ධියේ බැන වැදී තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ ට්‍රම්ප් විසින් තවත් කාන්තා වාර්තාකාරිනියකට ගුවන් යානය තුළදී ‘කටවහගනින් ඌරෝ’ යැයි පැවසීමෙන් දින කිහිපයකට පසුවයි.

සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් කළ හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් රැස්ව සිටියදී මෙය සිදුවී තිබුණේය.

බෲස් වාර්තාකාරිනිය විසින් ට්‍රම්ප්ගෙන් සහ සෞදි කුමරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, ඔහු ආරක්ෂක ඉරියව්වකට මාරු වී තිබුණේ ‘මට ඔයාගේ ප්‍රශ්නේ ගැන ගානක් නෑ. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ආකල්පය ගැනයි’ යනුවෙන්.

ඔහු ඇයව ‘මහා නරක මනුස්සයෙක් වගේම මහා නරක වාර්තාකාරිනියක්’ ලෙස ද හැඳින්විය.

බෲස් විසින් ඉතා ගෞරවාදරයට පාත්‍ර වූ මිනිසෙකුගෙන් (සෞදි කුමරු) අකීකරු සහ නරකම ප්‍රශ්නයක් ඇසූ බවට ට්‍රම්ප් චෝදනා කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ඇයට එම ප්‍රශ්නයම ‘ලස්සනට’ ඇසීමට හැකිව තිබූ බවයි.

ට්‍රම්ප්, ‘බොරු ප්‍රවෘත්ති. ABC බොරු ප්‍රවෘත්ති. මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන නරකම ආයතනයක්’යැයි ද පැවසුවේය.

තවද, ඔහු ABC ජාලයේ බලපත්‍රය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ, ඔවුන්ගේ ප්‍රවෘත්ති ගොඩක් වැරදියි වගේම වැඩිහරියක් බොරු බව පවසමින්.

ඔහු මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩන් කාර් වෙත යොමු වූ බව සඳහන්.

ට්‍රම්ප්ට කෝපගැනීමට තරම් බෲස් විසින් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් යොමු කළ බව පෙනෙන්නට තිබුණේය

ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස සිටියදී ඔහුගේ පවුල සෞදි අරාබියේ ව්‍යාපාර කිරීම සුදුසු දැයි සහ එය අවශ්‍යතාවල ගැටුමක් දැයි ඇය ප්‍රථමයෙන් විමසුවේය.

ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින්, පැවසුවේ තමාට පවුලේ ව්‍යාපාර සමඟ කිසිදු සම්බන්ධයක් නැත යනුවෙන්.

ඇය සෞදි කුමරු වෙත හැරී, 9/11 ප්‍රහාරයට සම්බන්ධ පවුල් සෞදි කුමරු ඕවල් කාර්යාලයේ සිටීම ගැන කෝපයෙන් සිටින බවත්, අමෙරිකානු බුද්ධි අංශ විසින් මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ බිහිසුණු ඝාතනය කුමරු විසින් සංවිධානය කරන ලද බවට නිගමනය කර ඇති බවත් ප්‍රකාශ කළා. ඉන්පසු ඇය ඇසුවේ ඇමරිකානුවන් ඔහු විශ්වාස කළ යුත්තේ ඇයිද යන්නයි.

World News

Send your contact Details Today