Latest News

ශ්‍රී ලංකාවේ BYD ලියාපදිංචිය ගැන නවතම අනාවරණයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට තුළ සිදු කෙරුණු BYD මාදිලියේ මෝටර් රථ ලියාපදිංචිය 563ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු BYD රථ 1,531 හා සැසඳීමේදී සියයට 63ක පසු බැසීමක් බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන CAL Research ආයතනය පෙන්වා දෙයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර තිබේ.

ඒ අනුව මෝටර් රථ ආනයන සීමා ලිහිල් කෙරුණු අප්‍රේල් මාසයෙන් පසුව මාසයක් තුළ අඩුම BYD මෝටර් රථ ලියාපදිංචියක් සිදු වූ මාසය ලෙසින්ද ඔක්තෝබරය සැලකෙන බව එම ආයතනය පවසයි. දත්ත වාර්තා අනුව අප්‍රේල් මාසයේදී රථ 516ක්, මැයි 871ක්ද, ජූනි 1254ක්ද, ජූලි 790ක්ද, අගෝස්තු 1,424ක්ද, සැප්තැම්බර් 1,531ක්ද ලෙස BYD රථ ලියාපදිංචි කෙරී තිබෙන බව මෙම වාර්තාවේ සඳහන්ව තිබේ. ඒ අනුව මෙතෙක් ලියාපදිංචි කෙරී ඇති සමස්ත BYD මෝටර් රථ සංඛ්‍යාව 6,949 කි.

ගත වූ මෙම කාල සීමාවේදී BYD මෝටර් රථ අතරින් ATIO මාදිලිය වෙත වැඩි ඉල්ලුමක් හිමිව තිබේ. එහෙත් රේගුවත් සමගින් පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් එම මෝටර් රථ මාදිලිය නිදහස් කරවා ගැනීමේ ප්‍රමාදවීම් නිසා ලියාපදිංචි කිරීම්ද අඩුවී තිබීම මෙලෙස ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය අඩුවීමට හේතුවක් වී තිබේ.

World News

Send your contact Details Today