Latest News

ලොව භයානකම රෝගයක් ගැන WHO වෙතින් නවතම අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු වීමක් බව එම සංවිධානය පෙන්වා දී ඇත.

පසුගිය වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් සහ ළමුන් මිලියන 1.02ක් ඒ අතර වන බව සඳහන් වේ.

ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25ක්ම ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

ක්ෂය රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා නිසි අවධානය යොමු නොවීම රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

World News

Send your contact Details Today