Latest News

කැනඩාවේ G7 සමුළුව අතරතුර ඉන්දීය – අමෙරිකා ලොක්කන්ගේ හදිසි හමුවක්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදු ව තිබේ.

ඒ, කැනඩාවේ පැවති G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුරයී.

ඒ සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට අවස්ථාවක් හිමිවීම සතුටට කරුණක් බවයි.

එමෙන්ම ඔහු, දිල්ලිය ඉලක්ක කර එල්ලවූ බෝම්බ පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කිරීම අගය කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

වෙළඳාම සහ සැපයුම්දාමයන් කෙරෙහි අවධානය යොමු කරමින් තමා සහ රුබියෝ ඉන්දියා-අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කළ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

යුක්‍රේන ගැටුම්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ තත්ත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මේ අතර G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් කැනඩාව, මෙක්සිකෝව, ප්‍රංශය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල විදේශ අමාත්‍යවරුන් ද හමුවී ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයක් පැවැත්වීය.

ඉන්දියාව ආරාධිත හවුල්කරුවෙකු ලෙස මීට සහභාගි වී තිබේ.

World News

Send your contact Details Today