Latest News

ජේසුස් වහන්සේ රුව ප්‍රංශයේ දර්ශනය වුණා කියන කතා ගැන වතිකානයෙන් නිවේදනයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ප්‍රංශයේ කුඩා නගරයක ජේසුස් වහන්සේගේ විශේෂ දර්ශනයක් සිදුව ඇති බවට කෙරෙන ප්‍රකාශ වතිකානය ඉවත දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වතිකානයේ ඉහළම මූලධර්ම කාර්යාලය පැවසුවේ ජේසුස් වහන්සේ ජනතාවගේ යාච්ඤාවලට සවන් දෙනු ඇතත් ප්‍රකාශ වන ආකාරයේ දර්ශනය වීමක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව නෝමන්ඩි හි ඩොසුලේ නගරයේ ජේසුස් වහන්සේගේ දර්ශනයන් පිළිබඳ ප්‍රකාශ ලොව පුරා සිටින බිලියන 1.4ක කතෝලිකයන් විසින් සත්‍යයැයි සැළකිව යුතු නොවන බවට ලියෝ පාප් වහන්සේ විසින් අනුමත කරන ලද උපදෙසකින් පසු අදාළ කාර්යාලය නිවේදනය කර තිබේ.

එම නගරයේ කතෝලික මවක් පවසා තිබුණේ 1970 ගණන්වලදී තමන් ජේසුස් වහන්සේ 49 වතාවක් දුටු බවත්, ඔහු පණිවිඩ මාලාවක් නියම කර නගරයේ කඳු බෑවුමක මීටර් 7.38ක කුරුසියක් ගොඩනඟන ලෙස ඇයට පැවසූ බවත්ය.

මෙම ප්‍රකාශ සඳහා සැළකිව යුතු අවධානයක් දීම අනවශ්‍ය බව වතිකානයේ ඉහළම මූලධර්ම කාර්යාලයේ අදහසයි.

කතෝලිකයන් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ සහ මරියා වැනි ආගමික චරිතවලට ආගමික පණිවිඩ ඉදිරිපත් කිරීමට, නව භක්ති පිළිවෙත් නිර්මාණය කිරීමට හෝ සාමය සඳහා පොදු ආයාචනා කිරීමට දර්ශනය විය හැකි බවයි.

එහිදී ප්‍රකාශිත පෙනුම තක්සේරු කිරීම සඳහා වතිකානයට විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් ඇත.

ලාභ ඉපැයීම සඳහා එවැනි සිදුවීම් භාවිත කිරීමට එරෙහිව වතිකානය අනතුරු ද අඟවයි.

කතෝලිකයන්ට මරියා මව්තුමිය සඳහා භාවිත කළ හැකි හැඳින්වීම පැහැදිලි කරමින් ද වතිකානය මෑතකදී නියෝගයක් නිකුත් කළේය.

කතෝලිකයන් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ පමණක් ඔහුගේ කුරුසියේ ඇණ ගැසීමෙන් සහ මරණයෙන් මනුෂ්‍යත්වය මුදවා ගත් බවයි.

ඒ අනුව මරියා මව්තුමිය ලෝකයේ ‘සම-මිදුම්කරු’ ලෙස හැඳින්විය නොහැකි බව වතිකානය ප්‍රකාශ කර ඇත.

වතිකානය විසින් විසින් අනුමත කරන ලද දර්ශනය වීම් අතරට 1531 දී මෙක්සිකෝවේ ග්වාඩලූප්හි අප ස්වාමිදූ දේවස්ථානයේ මරියාතුමියගේ දර්ශනය වීම සහ 1930 ගණන්වල පෝලන්ත කන්‍යා සොයුරියක වන ෆවුස්ටිනා කොවල්ස්කා දුටු යේසුස්ගේ දර්ශනය ඇතුළත් වේ.

ජේසුස් වහන්සේ දර්ශනය වූ අවස්ථාවක, 2000 වසරට පෙර ලෝක අවසානය සිදුවනු ඇතැයි ප්‍රකාශ කළ බවට ඇතැම් අවස්ථාවල සඳහන් වී තිබු අනාවැකි ද සිදු නොවූ බව වතිකානය නිකුත් කළ උපදෙස්වල සඳහන් විය.

World News

Send your contact Details Today