Latest News

ළමුන්ටත්, වැඩිහිටි සිර දඩුවම් ලබාදෙන වික්ටෝරියාවේ නව නීති ගැන අනතුරු අඟවයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා රජය හඳුන්වා දුන් ළමුන් සඳහා වැඩිහිටි සිර දඬුවම් ලබාදීමේ නව නීති මගින් තරුණ අපරාධ නිවැරදි නොකරන බවට විශේෂඥයින් අනතුරු අඟවයි.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පසුගියදා නිවේදනය කළේ තරුණ අපරාධ වැඩිවීම මැඩපැවැත්වීම සඳහා පුළුල් නව ප්‍රතිසංස්කරණ නිර්මාණය කර ඇති බවයි.

ඒ යටතේ ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු කරන දරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඇතුළු වැඩිහිටි සිර දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු බවයි ඇය පැවසුවේ.

නව නීති වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර ඒවා ක්වීන්ස්ලන්ඩ්හි “Adult Crime, Adult Time” නීතිවලට සමාන වේ.

එහෙත් විශේෂඥයන් පවසන්නේ මෙය තරුණ අපරාධ අඩු කිරීමට නොහැකි අවිශ්වාසනීය පියවරක් බවයි.

දඩුවම් ලබන දරුවන් පසුව තවත් බරපතල අපරාධවලට යොමුවීමේ අවදානමක් පවතින බව ද ක්වීන්ස්ලන්ඩ්හි ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර දකුණු බ්‍රිස්බේන් හි තරුණ උපදේශන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී කැතරින් හේස් පවසන්නේ නව නිති පිළිබඳ නැවත සලකා බලන ලෙස වික්ටෝරියානු අගමැතිවරියගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් අගමැතිනිය පෙන්වා දෙන්නේ මෙම නව නීති වික්ටෝරියානු ජනතාවගේ ආරක්ෂාව සලකා බැලීමෙන් පසු ගත් ක්‍රියාමාර්ග බවයි.

World News

Send your contact Details Today