ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා දෙරටේ ආරක්ෂක ප්‍රධානීන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඊශ්‍රායල අභ්‍යවකාශ නිෂ්පාදන සමාගමේ බලපත්‍රය යටතේ ඉන්දියාව තුළ එම මිසයිල නිෂ්පාදනය සඳහා වන අවබෝධතා ගිවිසුම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අතර අත්සන් තබා ඇති අතර, එම සාකච්ඡාව සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් ඊශ්‍රායලයේ සංචාරයකටද එක්ව සිටියේය.
ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව වසර 2020 සිට 2024 දක්වා කාලය ඇතුළත ඊශ්‍රායලයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදනයෙන් 34%ක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියේදී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.