Latest News

”ශිවගංගී” නැව් සේවාව සතියකට දින තුනකට පමණක් සීමා කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා දැනට ක්‍රියාත්මකවන ”ශිවගංගී” මගී නැව් සේවාව හෙට (22) සිට සතියකට දින තුනකට පමණක් සීමා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ”ශිවගංගී” සමාගමේ මෙහෙයුම් කළමණාකාරවරයා සඳහන් කර අත්තේ, තවමත් මෙම මගී නෞකාවට ප්‍රමාණවත් මගීන් පිරිසක් නොමැති නිසා අගෝස්තු මස 31 වැනිදා දක්වා සතියකට දින තුනක් පමණක් නැව් සේවාව පවත්වා ගෙන යන බවයි.

ඒ අනුව, හෙට සිට අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවලදී පමණක් නැව් සේවාව ක්‍රියත්මකයි.

සැප්තැම්බර් 01 වැනිදා වන විට මගීන්ගේ සංඛ්‍යාව පිළිබදව අධ්‍යයනයක් කිරීමෙන් පසුව එම නැව් සේවාව දිනපතා පවත්වා ගෙන යන්නේද එසේත් නොමැති නම් සතියකට දින කීපයක් පමණක් පවත්වා ගෙන යන්නේද යන කාරණය ගැන ස්ථිර තීරණයටකට එළඹෙන බවයි මෙහෙයුම් කළමණාකාරවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් මෙම නැව් සේවාව නවතා දමා තිබූ නිසා ජනතාව සම්පූර්ණයෙන්ම නැව් සේවාව ඔවුන්ගේ හිතෙන් අයින් කොට තිබීම නිසා මෙවැනි අඩු මගීන් සංඛ්‍යාවක් දක්නට ලැබෙන නමුත්, සැප්තැම්බර් මාසය වන විට යහපත් මගී සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පවසනවා.

ඒ අනුව, නැව් සේවාව දිනපතාම පවත්වා ගෙන යාමට හැකිවනු ඇතැයිද ශිවගංගී නැව් සේවාවේ මෙහෙයුම් කළමණාකාරවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

World News