බ්‍රසීලයේ බෙලෙම් හි පැවති COP30 එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට, ආරක්ෂක රේඛා බිඳ දමමින් විරෝධතාකරුවන් ඇතුළු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය නියෝජිතයින්ට වහාම ස්ථානයෙන් පිටව යන ලෙස කෑ ගසමින් බ්‍රසීල සොල්දාදුවන් පෙළක් පිටුපස දුව යන අයුරු දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතා පුවරු රැගෙන COP30 පිවිසුමට කඩා වැදුණු පුද්ගලයින්ගේ වීඩියෝවල අන්තර්ජාලයේ හුවමාරු වේ.
බ්‍රසීල රජය පවසන්නේ විරෝධතාකරුවන් ස්වදේශික සහ දේශපාලන කණ්ඩායම්වල අය බව පෙනෙන බවයි.
විරෝධතාකරුවන් ස්ථානයේ පළමු ආරක්ෂක බාධක තරණය කළ අතර පසුව ඔවුන්ට තවදුරටත් ඇතුළුවීම වලක්වනු ලැබීය.
මෙම සාකච්ඡා සඳහා ලොව පුරා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඇතුළු රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වේ.
මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ඇමසන් වැසි වනාන්තරයේ මායිමේ පිහිටි බෙලෙම් හි වන අතර එය ස්වදේශික කණ්ඩායම් දුසිම් ගණනකට නිවහන වේ.
බොහෝ දෙනෙක් දේශගුණික විපර්යාස සහ වන විනාශය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබඳව දැඩි විවේචන එල්ල කරති.