Latest News

කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම් ගැන ප්‍රංශයෙන් ප්‍රකාශයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රංශය පවසයි.

කැනඩාවේ පැවති ජී හත (G7) කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරදී ප්‍රංශ විදේශ අමාත්‍ය “ජෝන් නුඑල් බැරෝ” ඒ බව සදහන් කරන ලදි.

මාස දෙකක පමණ කාලයක සිට, අමෙරිකානු හමුදා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන, යාත්‍රා ඉලක්ක කරගනිමින්, ප්‍රහාර දියත් කරමින් සිටී.

මේ වන විට ප්‍රහාර 19කින් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

ඔවුන් බහුතරයක්, කැරිබියන් දූපත්, මෙක්සිකෝ සහ කොලොම්බියා යන රටවල පුද්ගලයින් වේ.

අමෙරිකාව පවසන්නේ ඔවුන්ට ලැබෙන නිශ්චිත බුද්ධි තොරතුරු මත අදාළ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන විට ප්‍රහාර එල්ල කරන බවය.

World News

Send your contact Details Today