Latest News

තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී බිහිසුණු අනතුරක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අසර්බයිජානයෙන් ගුවන්ගත වූ තුර්කි හමුදාවට අයත් C-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ජෝර්ජියාවේදී කඩා වැටී තිබේ.

එම අවස්ථාවේදී පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සිටි බවට සැක කරන අතර, අනතුරට හේතුව හෝ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අසර්බයිජාන දේශසීමාව ආසන්නයේ සිද්ධිය වූ ස්ථානයෙන් ලැබුණු මූලික වීඩියෝ දර්ශනවල, කැබලි වූ ලෝහ කොටස් තණකොළ බිම පුරා විසිරී ඇති අයුරු දක්නට ලැබී තිබෙන අතර, යානයේ කොටස් තවමත් ගිනි ගනිමින් තිබී ඇති බව සඳහන්.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් මගින් යානය දෑකැති හැඩයට පොළොවට කඩා වැටී, පසුව ගිනි ගන්නා අයුරු පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍යන්වලට එම දර්ශනවල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

World News

Send your contact Details Today