බ්‍රිතාන්‍ය-හංගේරියානු සම්භවයක් සහිත ලේඛක ඩේවිඩ් සාලේ (David Szalay) විසින් රචිත ‘Flesh’ නවකතාව මෙම වසරේ කීර්තිමත් බුකර් ත්‍යාගය (Booker Prize) දිනාගෙන තිබේ.
විනිසුරු මඩුල්ල මෙම නවකතාව “අසාමාන්‍ය” සහ “වඩාත් සුවිශේෂී පොතක්” ලෙසින් හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
‘Flesh’ නවකතාව මගින් චිත්තවේගීය වශයෙන් බැඳීමකින් තොර, ආකර්ශනීය හා අද්භූත පිරිමියෙකුගේ ජීවිතයේ විවිධ අවධීන් කියාපානු ලබයි.
මෙම කතාව හංගේරියානු නිවාස යෝජනා ක්‍රමයක සිට ලන්ඩනයේ අධි-ධනවතුන්ගේ ලෝකය දක්වා ගලා යන බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දැරූ රොඩී ඩොයිල් (Roddy Doyle) ප්‍රකාශ කළේ, “අපි ‘Flesh’ ගැන විශේෂයෙන් කැමති වූයේ එහි සුවිශේෂත්වය ගැනයි. එය වෙනත් කිසිදු පොතක් වගේ නොවේ. එය තරමක් අඳුරු පොතක් වුවද, අප සැමට එය කියවීමට සතුටක් ගෙන දුන්නා.” යනුවෙන්.
එමෙන්ම විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් ලෙස නිළි සාරා ජෙසිකා පාකර් ද කටයුතු කළේය.
මෙම ග්‍රන්ථය පිළිබඳව ඩුආ ලිපා (Dua Lipa) සහ ස්ටෝම්සි (Stormzy) වැනි කලාකරුවන් ද ප්‍රශංසා කර තිබුණේය.
ත්‍යාගය දිනා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාලේ, තමා තරමක් වික්ෂිප්ත බවත්, ජයග්‍රහණය පිළිබඳව හැඟීමට යම් කාලයක් ගත වනු ඇති බවත්, පවසා තිබේ.