සමලිංගික විවාහය රටපුරා නීතිගත කළ සුවිශේෂී තීන්දුව අවලංගු කිරීමට හිටපු කෙන්ටකි ප්‍රාන්ත නිලධාරිනියක් විසින් ගෙන ආ උත්සාහය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ගබ්සා අයිතිවාසිකම් අහෝසි කළ තීන්දුවෙන් වසර තුනහමාරකට පමණ පසු මෙම ආන්දෝලනාත්මක නඩුව සම්බන්ධයෙන් විනිසුරුවරුන් තවදුරටත් ඉදිරියට නොයෑමටයි තීරණය කර ඇත්තේ.
2015 තීන්දුවෙන් සමලිංගික විවාහයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතියක් හිමි වූ පසු, ඇපොස්තලික ක්‍රිස්තියානිවරියක් ලෙස තම ආගමික විශ්වාසයන්ට එය පටහැනි බව පවසමින් විවාහ සහතික නිකුත් කිරීමටයි ඇය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ.
සමලිංගික යුවලකගේ විවාහ වීමේ අයිතිය කඩ කිරීම වෙනුවෙන් ඩේවිස්ට ඩොලර් 360,000කට අධික වන්දියක් සහ නීති ගාස්තු ගෙවන ලෙසට පහළ උසාවි නියෝග කර තිබුණේය.
ආගමික නිදහසට ඇති අයිතිය යටතේ නඩුවේ වගකීමෙන් තමන්ව ආරක්ෂා කර ගත යුතු බවට ඩේවිස් විසින් කරන ලද ප්‍රකාශය පහළ උසාවි විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
2015 දී Obergefell v. Hodges නඩුවේදී ලබා දුන් තීන්දුව අමෙරිකා එක්සත් ජනපදයේ LGBT අයිතිවාසිකම් සඳහා ඓතිහාසික ජයග්‍රහණයක් විය.
එමගින් ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද නීතිය යටතේ සමාන ආරක්ෂාව සහ නිසි නීතිමය ක්‍රියා පටිපාටිය හේතුවෙන්, සමලිංගික විවාහ තහනම් කිරීමට ප්‍රාන්තවලට නොහැකි බවයි.