Latest News

සිරියානු ජනපතිට, අමෙරිකාවෙන් උණුසුම් පිළිගැනීමක් – ධවල මන්දිරයේදී සිදු වූ දේ මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා සහ අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව, ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ධවල මන්දිරයට ආ සිරියානු ජනාධිපතිවරයාට ට්‍රම්ප්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ට්‍රම්ප් සහ අල් ෂාරා මුහුණට මුහුණ හමුවුණු තෙවැනි අවස්ථාව මෙයයි.

දෙදෙනා අතර පැවැති සාකච්ඡාවලදී ඇමෙරිකාව සිරියාවට පනවා ඇති සම්බාධක තව තවත් ලිහිල් කිරීමට ට්‍රම්ප් කැමැත්ත පළ කළේය.

මේ වනවිටත් සම්බාධක බොහොමයක් ලිහිල් කර හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර හෝ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාව, සිරියාවට සම්බාධක පැනවීම් කළේ බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දීය.

අසාද් බලයෙන් නෙරපා දැමීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් අවි අතට ගනිද්දී ඔවුන්ට සහාය දුන්නේ ද අමෙරිකාවය.

අසාද් පාලනය 2024 වසර අවසානයේ කඩා වැටුණු අතර, විපක්ෂය රටේ බලය අල්ලා ගත්තේය.

ඒ සඳහා අල් ෂාරා ඇතුළු සටන්කාමීන්ගේ සහාය හිමිවිය. අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ රුසියාවට පලා ගියහ.

ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මැදිහත් වීමෙනි.

43 හැවිරිදි අල් ෂාරා හිටපු අල් නයිඩා ත්‍රස්ත සාමාජිකයෙකි. මොහු අමෙරිකාව, ඉරාකය ආක්‍රමණය කළ කාලයේ, අමෙරිකන් හමුදා අත්අඩංගුවට ද පත්වුණු අයෙකි.

සිරියාවේ සිවිල් යුද්ධයේ දී, අල් ෂාරා, සිරියාවේ අල් කයිඩා සටන්කාමීන්ට නායකත්වය දුන්නේය. ඒ සිරියානු විපක්ෂයට සහාය දක්වමිනි. අල් ෂාරා බලයට පත් වූයේ ඒ අනුවය.

අල් ෂාරා මේ වනවිට උත්සහ ගනිමින් සිටින්නේ බටහිර රටවලප් සහ සිරියාව අතරේ යහපත් සබඳතා ඇති කරගැනීමටය.

බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාව සහ බටහිර රටවල් අතරේ ‍ශක්තිමත් ආර්ථික සබඳතා ගොඩනැගීමට ඔහු උත්සාහ ගනී.

අල් ෂාරා ඇමෙරිකාව සමඟ පමණක් නොව, රුසියාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි.

පසුගිය දිනෙක අල් ෂාරා රුසියාවට ගොස් රුසියන් ජනාධිපති පුටින් ද හමුවිය.

ධවල මන්දිරයේ පැවැත්වුණු ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් පසු ට්‍රම්ප් පැවැසුවේ සිරියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා, ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට ඇති මාර්ග සහ පොදු අභිලාෂයන් සහිත කලාපීය හා ජාත්‍යන්තර කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වුණු බවය.

එපමණක් නොව, ට්‍රම්ප්ගෙන් අල් ෂාරා ට ප්‍රසංශා ද හිමිවිය. ‘ඔහු ශක්තිමත් මිනිසෙක්. මම ඔහුට කැමතියි’ යැයි ද ට්‍රම්ප් පැවැසීය.

‘අප සිරියාව සාර්ථක කර ගැනීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා. හේතුව සිරියාවත් මැදපෙරදිග කොටසක්. මැදපෙරදිග සාමයක් දැන් අප දකිනවා. එවැනි සාමයක් මීට පෙර අපට දකින්න ලැබිලා නැහැ.’ යැයි අල් ෂාරා හමුවීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

සිරියාව සහ ඊශ්‍රායලය අතරේ ගැටුම් නවත්වා දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අල් ෂාරා සහ ට්‍රම්ප් අතරේ අවධානය යොමු වීම ද විශේෂත්වයකි.

අමෙරිකාවේ ධවල මන්දිරයට ගිය පළමු සිරියානු ජනාධිපතිවරයා වන්නේ ද අල් ෂාරාය. ට්‍රම්ප් සහ අල් ෂාරා පළමුවෙන් මුහුණට මුහුණ හමුවූයේ සෞදි අරාබියේදී සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි.

ඉන්පසු අල් ෂාරා පසුගිය සැප්තැම්බරයේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ද පැමිණ එය ඇමතුවේය.

එම අවස්ථාවේදී ද ඔහු ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප් බිරිඳ මෙලානියා ද හමුවිය.

මීට වසරකටත් වඩා අඩු කාලයකට පෙර, ඇමෙරිකාව විසින් අල් ෂාරා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරනු ලැබ තිබුණු බව ද විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.

ඔහු අල්ලා ගැනීමට ඔත්තුවක් දෙන්නේ නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක තෑග්ගක් දෙන බවට ද අමෙරිකාව නිවේදනයක් නිකුත් කර තිබුණි.

අල් ෂාරා 2016 දී ප්‍රධාන අල් කයිඩා සංවිධානයෙන් වෙන් වී, සිරියාවේ අල් කයිඩාව සමඟ එක්වුණු අයෙකි.

ඒ කාලයේ ඔහුගේ නම වූයේ අබු මොහොමඩ් අල්-ජුලානි ය. අල් ෂාරා ඔහු ඔහුගේ උපන් නාමයයි. සිරියාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමට අල්ෂාරා ගන්නා උත්සාහය තමන් අගය කරන බවත්, ඇමෙරිකාවේ සහාය ඊට නොඅඩුව ලැබෙන බවත් ට්‍රම්ප් පවසා ඇත.

World News

Send your contact Details Today